මෙහෙම ගමනක් යන්න බෑ, මෛත්‍රී ගැන තීන්දුවක් ගන්න – පොහොට්ටු පසුපෙළ ප්‍රසිද්ධියේ ඉල්ලයි

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය අනුව තවදුරටත් එම පක්ෂය සමග එක්ව ගමනක් යෑමට නොහැකි හෙයින් ඒ පිළිබඳව තීන්දුවක් ගන්නැයි තම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසයි.

“අද දවසේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකට එකතුව අපිත් එක්ක දේශපාලන වශයෙන් සන්ධානගත වුණා, ඊට පසුව වසරකුත් මාස හතරකට පසු මහමැතිවරණය පවත්වලා එතුමා රට වටේ යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට චෝදනා එල්ල කරමින් සිටිනවා. අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනෙ, එතුමා ඊයෙ දවසේදී ප්‍රකාශයක් කළා එතුමාගේ පිටිපස්සෙන් ආවා කියලා. ඒ වගේම එතුමාගේ සහයෝගය නැතුව ජයග්‍රහණය කරන්න හැකියාවක් තිබුණෙ නෑ කියලා.

අපි මතක් කරන්න ඕනෙ හිටපු ජනාධිපතිතුමාට එතුමා ජනාධිපතිවරණය වෙලාවෙ කටයුතු කරපු ආකාරය පිළිබඳව. රටේ ජනතාවටත් මතක් කළයුතුයි කියලා අපි කල්පනා කළා. එතුමා ප්‍රථමයෙන්ම නිර්පාක්ෂික වුණා. එතුමා ශ්‍රීලනිප සභාපති ධුරයෙන් තාවකාලිකව ඉවත් වුණා. ඒ වගේම ශ්‍රීලනිපයට වැඩබලන සභාපතිවරයෙක් පත්කළා. එතුමා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන තමයි ගිය ජනාධිපතිවරණයේ කටයුතු කළේ. ඒවා අපි හොඳටම දැක්කා. ඒ වගේම ඊට පස්සෙ, ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කළාට පස්සෙ එතුමා නැවත ශ්‍රීලනිප සභාපති ධුරය බාර අරගෙන අපිත් එක්ක මහමැතිවරණයට ඉල්ලන්න කටයුතු කළා. බැරිවෙලාවත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා නම් මෛත්‍රීපාල සිරිසේන ඉල්ලන්නෙ සජිත්ලා එක්ක. එතුමාගේ ක්‍රියාකලාපය එහෙම බව අපි දන්නවා.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ මුළු ජීවිත කාලෙම වගේ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා, ඇමතිකම් කරලා තියෙනවා, ජනාධිපතිකම් කරලා තියෙනවා. එනිසා එතුමාට තවදුරටත් සමාවට කාරණා කියන්න අයිතියක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. ඒ වගේම අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තවදුරටත් අපි මේ ආකාරයේ දේශපාලන ගනුදෙනුවක නිරත වෙනවාද කියන ප්‍රශ්නය පිළිබඳව අපි කතා කරන්න ඕනෙ. ඒ වගේම පවුලක් වුණත් මෙහෙම යන්න පුළුවන්කමක් නෑ කියන එකත් අපි මතක් කරන්න ඕනෙ”

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විසින් ඊයේ (11) එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...