ඩුබායි හි පැවති 2020 එක්ස්පෝ (EXPO 2020) ප්‍රදර්ශනයේ ‘ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය’ උත්කර්ෂවත් ලෙස සැමරීම

Date:

ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය 2022 වර්ෂයේ ජනවාරි 03 වැනි දින ඩුබායි හි පැවති එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය අතරතුර දී අල් වස්ල් ප්ලාසා හිදී සමරන ලදි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යමහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසට ඇතුළත් වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා යනාදීහු එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ ජාතික දින නිල උත්සවයට සහභාගි වූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දූත පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් අලි අල් සයේග් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමන්විත විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ධජ එසවීම සහ ජාතික ගීත වාදනය කිරීමෙන් අනතුරුව මෙම නිල උත්සවය ඇරඹිණි. සිය ආරම්භක දේශනය හරහා අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය අහමඩ් අලි අල් සයේග් මැතිතුමා ශ්‍රී ලංකාවේ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අතර එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සාර්ථක ලෙස සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රශංසාව පළ කළේය.

රැස්ව සිටි පිරිස ඇමතූ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව අගය එකතු කළ නිෂ්පාදන, මැණික් සහ ස්වර්ණාභරණ මෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු අපනයන ප්‍රවර්ධනයකිරීමේ වේදිකාවක් ලෙස විදහා දැක්වීමට එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීම කාලීන බව විස්තර කළේ ය. චන්න – උපුලි නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ විචිත්‍රවත් සංස්කෘතික අංගයකින් මෙම නිල උත්සවය අවසන් කෙරිණි. නිල උත්සවය අවසානයේ දී දූත පිරිස් දෙකම ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අතර එහිදී විදේශ අමාත්‍යවරයා ගෞරවනීය ග්‍රන්ථයේ අත්සන් තැබීමෙන් අනතුරුව මෙම නිල වැඩසටහන අවසන් කෙරිණි.


ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති නිල සැමරුම්වලට සමගාමීව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාර ආයතනයේ සභාපතිනිය සමඟ මාධ්‍ය හමුවක් පැවැත්විණි. ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා උප සභාපති රජීව් සූරියආරච්චි මහතා, ලක්සල සභාපති ලක්මාල් වික්‍රමාරච්චි මහතා, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඇතුළුව මෙරට මාධ්‍ය නියෝජිතයින් පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය යොමු කළ ආරාධනාවකට අනුව ඩුබායි හි පැවති මෙම එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුමට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...