කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වෙයි?

Date:

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන අතර ඔහු තවදුරටත් පවසා සිටින්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික් ලේකම්වරු සිව්දෙනකු විශ්‍රාම යාම, සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනෙකු ස්ථාන මාරු වීම, ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරීවරුන් 9 දෙනෙකු ස්ථාන මාරු වීම සහ සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ රාජකාරි සමග කාර්ය බහුල වීම ඇතුළු හේතු මෙම ප්‍රමාදයට බලපෑ හේතු බවයි.

මෙම වාර්තාව ප්‍රමාද වීමෙන් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැතැයි ඔහු පැවසීය.

පෙබරවාරි 28 වනවිට ජාතික කමිටුවේ අවසන් වාර්තාව රජයට භාර දිය යුතු එය ලබන මාර්තු අවසානය දක්වා ප්‍රමාද වීය හැකි බව කමිටුවේ සභාපතිවරයා පවසයි.

ඒ අනුව අවසන් වාර්තාව භාරදීම සඳහා ලබා දී ඇති කාලය තවදුරටත් දීර්ඝ කරන්නැයි ලබන සතියේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත බවද සඳහන්.

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වන අතර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000ක් පමණ දක්වා අඩු කිරීම මෙම කමිටුව පත් කිරීමේ එක් අරමුණක් වේ.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන මහත්ම මහත්මීන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...