බිත්තර ආනයනය ගැන තීරණයක්

බිත්තර ආනයනය පිළිබ​ද විශේෂ සාකච්ජාවක් අද (12) අද පෙරවරු 8.30ට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, වෙළෙඳ අමාත්‍යාංශය ලේකම්වරයා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරන්නේ, බිත්තර ආනයනය සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ විශේෂ අධ්‍යයනයේ වාර්තාව අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව ඇති බවයි. අදාළ වර්තාවෙන් නිර්දේශිත කරුණු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අද පැවැත්වෙන හමුවේදී කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව සඳහන්.

මේ අතර ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව සහ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඊයේ (11) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබෙන්නේ, විදෙස් රටවලින් කුකුළු බිත්තර ආනයනය කිරීම මගින් රටතුළ කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමකට ළක්විය හැකි බවයි.

කෙසේ වෙතත් කුරුළු උණ රෝගය පිළිබඳව අවදානමක් ඇති රටවලින් බිත්තර ආනයනය සිදු නොකිරීමට සැලසුම් කර ති​බේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...