*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

නීතිපති මඟහැර මැ.කො. සභාපති නීතිඥ සාලිය පීරිස් මුණ ගැසෙයි …

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඊයේ (11) නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මුණ ගැසී උපදෙස් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ නීති කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා මුණ ගැසී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා බවට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට පොරොන්දු වී පසුව නීතිපති මුණ ගැසිය නොහැකි බව පවසමින් මොහු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හමුවී උපදෙස් ගෙන තිබෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණු අවස්ථාවේදී පවා සභාපති ඇතුළු සාමාජිකයන් පොරොන්දු වී ඇත්තේ නීතිපති උපදෙස් ලබා ගන්නා බවටය. එසේ තිබියදී මැ.කො. සභාපතිවරයා සාලිය පීරිස් මුණ ගැසී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වලට මැතිවරණ කොමිසමේ නීතිඥවරයා ලෙස පෙනී සිටින්නැයි ඉල්ලා සිටීමට බව වාර්තාවේ.

නීතිපතිවරයා මුණ ගැසී උපදෙස් ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයන් නාම යෝජනා කැදවීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට පෙර සිටම ඉල්ලීම් කළත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර මේ කාරණය ද මැතිවරණ කොමිසම දෙකට බෙදීමට හේතුවක් වී තිබෙන බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රජය නියෝජනය කරන්නෙකු ලෙස මෙලස නීතීඥ සංගමයේ සභාපතිවරයා මුණ ගැසීම නිදහස් හා සාධාරණ ඡන්දයක් සම්බන්ධයෙන් ගැටළු මතු කරන්නක් බවත් සාලිය පිරීස් ජනාධිපති නීතිඥවරයා නීතිංඥ සංගමයේ සභාපතිව සිටියදී අරගලය නියෝජනය කළ අතර එවැන්නෙකුගෙන් මැතිවරණ කොමිසම උපදෙස් ගැනීම ගැන රජයේ ඉහළ තැන්වල කතා බහට ලක්ව තිබෙන බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු සඳහන් කළේය.

මෙම කාරණය ගැන ඇමති මණ්ඩලයේ අවධානයට යොමු කරන බවද ඔහු කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan