*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පිළිසකර කිරීම ඉන්දීය ආධාර මත ඇරඹේ …

ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉන්දීය රජයේ ආධාර ඇතිව මහෝ සිට ඕමන්තේ දක්වා (කිලෝමීටර් 128) උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය දියත් කර ඇත.

ප්‍රවාහන ඇමතිබන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන් විසින් මැදවච්චියේ දී මාහෝ සිට ඕමන්ත දක්වා (කිලෝමීටර් 128) අනුබද්ධ කටයුතු ඇතුළු දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු උත්සවාකාරයෙන් දියත් කරන ලදී.

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු රාජ්‍ය අංශයේ සමාගමක් වන IRCON විසින් දැනට පවතින ඇමරිකානු ඩොලර් මිලියන 318 ක ඉන්දියානු ණය රේඛාවක් (LOC) යටතේ ඩොලර් මිලියන 91.27 ක වියදමින් සිදු කෙරේ.

ප්‍රවාහන අමාත්‍යවරයා සිය ප්‍රකාශයේ දී ශ්‍රී ලංකාවට විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳව ඉන්දියාවට ස්තුතිය පළ කළේය. පසුගිය වසර කිහිපය තුළ IRCON විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද කාර්යයන් අගය කළ ඔහු දෙරට අතර වැඩි දුම්රිය සහයෝගීතාවයක් ඉල්ලා සිටියේය.

ඉන්දියානු LOC පහක් යටතේ ඉන්දියාව දුම්රිය අංශයේ ඩොලර් බිලියනයකට වඩා වැඩි ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය. මීට අමතරව, දැනට පවතින LOC යටතේ ඩොලර් මිලියන 180 ක පමණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සංචලනය ඉහළ නැංවීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා දුම්රිය නවීකරණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරනය කළේය. දෙරටේ ජනතාවට වන්දනා, සංචාරක, වෙළෙඳ සහ ආර්ථික ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා අභ්‍යන්තරව මෙන්ම ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

හරිත හා තිරසාර ප්‍රවාහන විසඳුම් හඳුන්වා දීමට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ඉන්දීය රජය සිය සහනදායී ණය සහ ප්‍රදාන යෝජනා ක්‍රම යටතේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

මෙම පහසුකම් යටතේ සහයෝගීතාවයේ විවිධ අංශ අතරින්, ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදියුණු කිරීම සහ නවීකරණය කිරීම ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් එකකි. IRCON 2009 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කළ අතර උතුරු පළාතේ (කිලෝමීටර් 253) සම්පූර්ණ දුම්රිය මාර්ග ජාලය ප්‍රතිසංස්කරණය කිරීම සහ දකුණු මාර්ගය (කිලෝමීටර් 115) වැඩිදියුණු කිරීම මගින් ශ්‍රී ලංකා දුම්රිය නවීකරණයට දායක වී ඇත.

කිලෝමීටර් 330 ක දුරකින් යුත් දුම්රිය මාර්ගයේ නවීන සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් හරහා ආරක්ෂාව සහ විශ්වසනීයත්වය සහතික කිරීමට ද එය දායක වී ඇත.

විවිධ LOC යටතේ ශ්‍රී ලංකාවට ඉංදියාවේ සහය 2022 අප්‍රේල් මාසයෙන් පසුව ද අඛණ්ඩව පවතී. මෑතකදී LOC යටතේ සපයනු ලබන ඉන්දියාවේ නිෂ්පාදිත Mahindra SUV රථ 500 න් 125 ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාර දෙන ලදී.

එලෙසම LOC යටතේ සපයනු ලබන අශෝක් ලේලන්ඩ් බස් රථ 500න් 75ක්ම පසුගිය සතියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට භාර දෙන ලදී.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan