ආදර්ශා කරඳන ඇප මත නිදහස්

මහාචාර්ය ආශු මාරසිංහ මහතාට අපහාස වන පරිදි වීඩියෝවක් නිකුත් කරමින් චෝදනාවක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ආදර්ශා කරඳන නමැත්තිය ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව ඇයව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

RN