*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මෙරට කෘෂිකර්මය නංවාලීමට ඩොලර් මිලියන 9.2ක ව්‍යාපෘතියක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පුනර්ජීවනය සඳහා ඩොලර් මිලියන 9.2ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (UNFAO) සහ අ‍ෙමරිකා එක්සත් ජනපදය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව දායකත්වය ලබා දී ඇත.

මෙහි අරමුණ වී ඇත්තේ. වී ඵලදායිතාව ඉහළ නැංවීම, ආන්තික කුඹුරු ඉඩම්වල භෝග විවිධාංගීකරණය කිරීම සහ තිරසර ගොවිතැන් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පුනර්ජීවනය කිරීම අඛණ්ඩව සිදු කිරීමයි .

හම්බන්තොට, වවුනියාව, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හතරේ ගොවීන් 10,000කට ප්‍රතිලාභ සැලසෙයි. වගා කන්නයේ කුඹුරු හෙක්ටයාර 1,250ක සුදුසු තිරසර භෝග වගා කිරීම සඳහා විවිධාංගීකරණය කිරීමට UNFAO සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ට උපකාර කරන අතර, වී අක්කර 5,000ක් පුරා ජලය සහ පොහොර වැනි සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට ගොවීන්ට මෙමඟින් උපකාර වනු ඇත.

මේ අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසූවේ, පසුගිය වසර කිහිපය තුළ අපේ වී ගොවීන් සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන් බවත්, එවැනි තීරණාත්මක අවස්ථාවේදී රටේ වී ගොවීන් ලක්ෂ 10කට වැඩි පිරිසකට USAID සහ FAO ආයතන අත්‍යවශ්‍ය පොහොර නොමිලේ ලබා දීම සිදු කළ බවයි. මේ ව්‍යාපෘතිය මඟින් අරමුණු කළේ ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි වී ගොවීන් සඳහා අඛණ්ඩව ආදායම් වැඩි කිරීමට සහය වීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එම නියෝජිතායතනයේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රවූ මහතා මේ අවස්ථාවට එක්වෙමින් පවසා සිටියේ,

” කෘෂිකර්ම අමාත්‍යාංශය සහ FAO ආයතනය සමඟ අපගේ හවුල්කාරිත්වය දිගටම කරගෙන යාම පිළිබඳ USAID ආඩම්බර වෙනවා. භෝග විවිධාංගීකරණය සහ කෘෂිකාර්මික කාර්යක්ෂමතාව සඳහා වන අපගේ අන්‍යෝන්‍ය අරමුණු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ කුඩා ඉඩම් හිමියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ඇති අපගේ අරමුණුවල දිගු පැවත්මක් ” ලෙසයි.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා, USAID සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ඇති හවුල්කාරිත්වය ලංකාවේ කෘෂිකර්මාන්තයට අඛණ්ඩව සහයෝගය දැක්වීමේ වැදගත් සන්ධිස්ථානයක් බවත්, සම්පත් සහ ප්‍රවීණත්වය ඒකාබද්ධ කිරීමෙන් ගොවි ප්‍රජාව සඳහා ධනාත්මක සහ තිරසර වෙනස්කම් ඇති කිරීම එහි අරමුණ බවත් පවසන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan