*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

විපක්ෂය ක්‍රියා පදයක් කළ සජිත්

රණසිංහ ප්‍රේමදාස ලංකාවේ දේශපාලනයේ වෙනස් මඟක් ගත් දේශපාලනඥයෙකු වන්නේ ඔහු විසින් කරන ලද සමාජ සුබසාධන සේවාවන් නිසා පමණක්ම නොවේ.එසේම රාජ්‍යයේ නිදහස සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු දකුණේ සහ උතුරේ දි සිය දේශපාලනය හැසිරවීම ද වෙනම සාකච්ඡාවට ගත යුතු කාරණයකි.බලයට පැමිණෙන විට ලංකාවේ දකුණ කේන්ද්‍ර කරගෙන පැවති සන්නද්ධ අරගලය මැඩ පැවත්වීම වෙනුවෙන් එයට එක් අතකින් පාදක වුණ ඉන්දීය හමුදාව සම්බන්ධ සටන් පාඨය ප්‍රේමදාස විසින් අහෝසි කළ ද,දකුණේ සන්නද්ධ අරගලය නොනැවතිණි.ඉතාම සූක්ෂම විදිහට විරුද්ධ පක්ෂවල සාමාජිකයන් මෙන්ම ප්‍රේමදාස ජනිත වූ පහළ සමාජීය තත්ත්වයට නායකත්වය යාම නිසා කිපුණ වංශවත් මෙන්ම ධනවත් පුද්ගලයෝ ද මේ සන්නද්ධ අරගලයට ආශිර්වාද කළහ.

ඒ මෙහෙයවිම මත නැති වුණ තරුණ ජීවිත ප්‍රමාණයට වගකිව යුත්තේ ආයුධ අතට ගත් ජවිපෙ තරුණ කණ්ඩායම් පමණක්ම නොවේය.ඔවුන් පසුපස සිට ඔවුන්ගේ ව්‍යාපාරයට දායක වූවෝ ද මේ සමඟ උන්හ.ඒ නිසා ප්‍රේමදාස තනතුරෙන් ඉවත් කරන්නට ගත් උත්සාහයන් ජනාධිපතිකම පැහැර ගැනීමේ උවමනාව ඉක්මවා ගිය පංති උවමනාවකින් පොහොසත් වූ එකකි.නැවත පංතියට බලය අත්පත් කර ගැනීමේ උවමනාව විසින් ඇති කළ එකකි.ඒ මරණය පවා සැක උපදවන එකක් ලෙස කරුණු ඉතුරු කරමින් අද ද සාකච්ඡාවට ගැනෙන හේතු අතර පාර සේදීම වැනි කාරණා අවධානයට යොමු වන්නේ ගොසිප් මට්ටමෙන් මිස නිතිමය සහ විද්‍යාත්මක මට්ටමෙන් නොවේය.
මේ නිසාම සජිත් ප්‍රේමදාස දේශපාලනය කළ ද,නොකළ ද ඔහු ඉහළ පංතිය සමඟ ගැවසෙන හැකි මට්ටමේ දැනුවත් භාවයකින් පොහොසත් කරන්නට රණසිංහ ප්‍රේමදාස ට සිතෙන්නට ඇත.රාජකීය අධ්‍යාපනය මෙන්ම එක්සත් රාජධානියේ අධ්‍යාපනය සඳහා ද සජිත්ව යොමු කරන්නට ඇත්තේ ඒ නිසාය.

සජිත් දේශපාලනයට එන විටත් යම් අයගේ එතරම් කැමත්තක් නොවුණේ ඔහුට ද තාත්තාගේ දරා ගැනීම සහ අප්‍රතිහත දිරිය ඇතැයි යන සැකයෙන්ය.නමුත් තවමත් පහළ පංතියේ මිනිසාගේ ජීවන තත්ත්වය පැලේ සිට පදික වේදිකාව දක්වාම සිතා සැළසුම් කළ නායකයෙක් සිටින්නේ ප්‍රේමදාස නිසා සජිත්ගේ පැමිණීමට බැරියර් දැමීමට හෝ ඔහු පැමිණි පසු ඉදිරියට යාමට එරෙහිව බැරියර් දැමීම කළ නොහැකි දෙයක් බව ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය වටහා ගත්තේය.

ඒ නිසාම සජිත් ඉතා ඉක්මණින් පක්ෂයේ නායකයා ළඟට නායකයා වීම නොවැළක්විය හැකි දෙයක් විය.ඒ උප නායකකම සහ නියෝජ්‍ය නායකකම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද එකතු කරන ප්‍රධානම සාධකයක් වීම ද නොවැළක්විය හැකි විය.එහෙත් මහ ජනතාවට වඩාත් සමීප විය හැකි ඉසව් සඳහා පිවිසිය හැකි අමාත්‍ය ධූර දීමේදී සජිත්ට විශාලනය විය හැකි ඉඩ සෙමින් වැළකුවේය.එහෙත් ඔහු දියේ එබූ බෝලයක් මෙන් විය.තෙරපීම් මැද මතුව හැඩට පෙරට ගලා ගියේය.

ඒ මතුවීම සහ අවධානය මකා ගන්න හෝ වළකා ගන්න හෝ බැරි තැනෙක රනිල් වික්‍රමසිංහට පක්ෂයේ ජනතාව අතර ජනප්‍රියම පුද්ගලයා ලෙස සජිත්ව ජනපති අපේක්ෂකයා කරන්නට සිඳු විය.පක්ෂයේම ඇතැම් අයගේ නොසැළකිල්ල සමඟ ගලා ගිය ඡන්ද ව්‍යාපාරයේ දී තොග පිටින් විකුණාගෙන කෑ ජාතිවාදය සහ ආගම්වාදය සහ නිර්මාණාත්මක කතාවලින් සහ ඝාතනවලින් පිරුණු ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති කළ බිය මැද්දේ ප්‍රතිවාදියා ජය ගත්තේය.ඉතිහාසයේ වැරදිම තීරණයට වැඩිම මනාපයක් දීම ගැන ජනතාව දුක් වෙද්දී සහ පසු තැවෙද්දී සහ වෛරයෙන් වේදනාවෙන් පාරට බසිද්දී ජනතාව වෙනුවෙන් ඒ මතයට එරෙහිව සටන් කර වැඩිම මනාප ප්‍රමාණයක් ගත් නායකයාව සිටියේ සජිත් ප්‍රේමදාස ය.එහෙත් අරගලවල ජනතාව අතරින් නැඟුණ එකක් ලෙස එයට හානියක් වූ විටක සොයා බලන්නට තිබුණ ඉඩත් අහිමි කරන්නට උවමනා වූයේ විපක්ෂයේ කොටස්වලටය.එය අරගලයේ තිබුණ නිර්පාක්ෂික බවට හානි කර එකක් කරමින් පක්ෂ අතරට බෙදෙන වැඩක් වූයේ එතැන සිටය.ඒ සමඟම එහි පුළුල් බව හැකිලී ගොස් ජනතාව බලාපොරොත්තු නොවන ප්‍රතිපල කරා අරගලයෙන් පසු රට යොමු විය.

මේ සියල්ලට විපක්ෂ නායකයා වෙමින් සජිත් ප්‍රේමදාස මුහුණ දෙන හැටි අප කල්පනාවට ගත යුතුය.එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විසින් කරන කෙනහිලිකම් සජිත් ප්‍රේමදාසට පමණක් නොව එක්සත් ජාතික පක්ෂය වටා එක් වී සිටින බහුතරයකට කරන කෙනහිලිකම් ලෙස වටහා ගන්නට සජිත්ට තිබුණ නුවණ අතිශයින් වැදගත් විය.තමාගෙන් ඉල්ලන දේ දෙන්නට සජිත් පසු නොබා ඉදිරිපත් වී සමඟි ජන බලවේගය ගොඬ නැගුවේය.

එය නිවැරදි තීරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂය වටා සිටි බහුතර ජනතාව පිළිගත්තේය.එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු අසුනක් පමණක් හිමිවන ආකාරයට එජාප ඡන්ද පදනම හින්දවමින් සමඟි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස තෝරා ගන්නට ජනතාව ඉදිරිපත් විය.පක්ෂයක් ලෙස පිහිටුවා මාස ගණනක් ඉක්ම යන මොහොතේ සමඟි ජන බලවේගය රට පුරා සංවිධානය වෙමින් කළ මැතිවරණ වයාපාරය විශ්වාස කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක ශක්තියක් ප්‍රදාර්ශනය කිරීමක් විය.එසේම විශ්වාසය තහවුරු කරන එකක් විය.

තේරුම් ගැනීමට අවශ්‍යය වැදගත්ම කාරණය වන්නේ පක්ෂය පරිත්‍යාග කළ අය පවා ඉන් ඉවත් වී යමින් මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාපක්ෂගේ දේශපාලන තුරුල්ලේ නැලවෙද්දී ඉතාම දක්ෂ ලෙස එම පක්ෂයේ අයිතිය නෛතිකව ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස සූක්ෂම වි තිබුණ අයුරුය.ඒ නිසා පක්ෂයේ හිමිකාරීත්වය ඩැහැ ගැනීමට නොහැකි ලෙස සූක්ෂමව සහ ඥාණාන්විතය කටයුතු කර තිබීමෙන් සමඟි ජන බලවේගයේ ජන පදනම තව දුරටත් තහවුරු විය.අනතුරුව තවත් පිරිස් ඉවත්ව යද්දී ද තමන් පෙර නියෝජනය කළ පක්ෂයේ නායකයා ජනාධිපති පදවියට පත්වෙද්දී ද නැවත ජන කොටස් එක්සත් ජාතික පක්ෂයේ සෙවණට යනු ඇතැයි සිතෙන කාරණය මුලාවක් කරමින් සිය ජන පදනම සහ මහජන නියෝජිත කැළ රැකගෙන සිටින්නට සජිත්ට තියෙන හැකියාව අගය කළ යුතු එකක්ය.එය ඔහු දිනා සිටින සුවිශාල විශ්වාසය පිළිබද සහතිකයක්ය.

දේශපාලනයේ වරප්‍රසාද අපේක්ෂාවෙන් දැවන්ත විදිහට ජනපති මුක්තිය සමඟ,පිරිස් රනිල් වික්‍රමසිංහට සමීප විය යුතු වුව ද,ඒ සාමාන්‍ය තත්ත්වය වෙනස් කරමින් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයෝ ද සජිත් වටා රොඳ බඳිති.ඒ සජිත් ප්‍රේමදාස කියන දේශපාලනඥයා වෙනස් ආකාරයක පුද්ගලයෙක් බව විපක්ෂ මන්ත්‍රී ධූරයද,විපක්ෂ නායකකම ද හරවා තිබෙන ආකාරයට ලැබෙන ප්‍රතිචාරවල ස්වභාවය වන්නේය.විපක්ෂයේ කාර්යභාරය මේ දක්වා එහි සිටි පුද්ගලයන්ගෙන් ද,විපක්ෂ නායකවරුන්ගෙද පළ වූ හැටියට වෙනස් මඟක යන සජිත් විවිධ සමාජ ක්‍රියාකාරකම් හරහා විපක්ෂයේ සිට ද ජනතාවට කරමින් සිටින සේවය අපූරුය.

දැවන්ත ගිණුම් ඇති පක්ෂ ද ජනතාව එකතු කර ගන්නට දැවන්ත ප්‍රචාරක ව්‍යාපාරවලට මුදල් යොදවමින් සිටින තත්ත්වයක් තුළ ආණ්ඩුවේ නොහැකියාවෙන් පීඩාවට පත් වී පහසුකම් නොලබන දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වන සමාජයේ සියලු කොටස්වලට ප්‍රතිලාභ,ආධාර ගලා යන ක්‍රමයක් සජිත් විසින් නිර්මාණය කර ඇත.ඒ නිසාම බලය නැති බව කියන විපක්ෂය කට පමණක් හොලවමින් දෙසා බෑ කතා වෙනුවට සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායකත්වය සුවිශාල සංවිධානාත්මක වැඩ සටහන් සමඟ ජනතාවගේ සිතත්,බඩත් පුරවන පහසුකම් සම්පාදනය කරන තනතුරුක් බවට පෙරළා ඇත.තව දුරටත් විපක්ධයේ කාර්යභාරය ආණ්ඩුවට පලු යන්න බැනීම පමණක් නොව ආණ්ඩුව අතපසු කරන ජනතා සේවය හරහා ජනතාවට සේවය කිරීම බව ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඉහළින්ම සළකුණු කළ නායකයා සජිත් බව අවිවාදිතය.

ජනතා ගැටළු සහ අවශ්‍යයතා සම්බන්ධයෙන් වඩාත් නිවැරදි සහ ප්‍රායෝගික විසඳුම් ලබා දෙන නායකත්වයක් සමඟ ජනතාවගේ විශ්වාසය දවසින් දවස පුරවා ගනිමින් සිටින සජිත් ප්‍රේමදාසට අද ට 57 කි.මේ මොහොතෙත් ඔහු ඒ වයසෙන් භාගයක් ඇති තරුණයෙක් මෙන් වෙහෙස දරමින් රට පුරා ඇවිද යමින් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ජනතාව පාරට ගෙන ඒමට වඩා විපක්ෂයේ සිටිය ද ඒවා විසඳිය හැකි බව පෙන්වන ආදර්ශ පෙන්වා දෙමින් සිටිනු නිසැකය.වැදගත්ම දේ ජනතා සේවකයා සිටින්නේ ආණ්ඩුවේ ස විපක්ෂයේ ද යන්න නොව කොතැනි සිටියත් ජනතාවට සේවය කිරීම බව පෙන්වන සජිත් ට ද,සිය තාත්තාට බලපෑම් ඇති කළ පංතිමය විරෝධය ද නො’අඩුව ඇත.සමහර විට ඒ මහා පංතියේ දොරට බැඳ සිටින මුර බල්ලන් හාම්පුතුන්ට වඩා සැරට බුරා හැලෙන අවස්ථා ද හමුවන්නේය.එහෙත් සජිත් එයට ප්‍රතිචාර දක්වමින් නොනවැතී ගමනේ යන්නේ බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතීමෙන් පමා වන්නේ තමන්ගේ ඉලක්කයට ළඟා විම බව විශ්වාස කරන නිසා විය යුතුය.දවසකට සිතා ගන්නට නොහැකි තරමේ වෙහෙසක් දරන නායකයෙක් ලෙස 57 වන විට පිවිසෙන මොහොතේ ඔහුව අගය කිරීම දේශපාලනමය යුතුකමකි.

පක්ෂ දේශපාලනයෙන් බැහැරව ඔහු මේ රටේ දේශපාලනය ගැන කතා කරන විට තව සියවස් ගණනාවකට අමතක කළ නොහැකි පුද්ගලයෙකි.විශේෂයෙන් විපක්ෂ මන්ත්‍රීවරයා සහ විපක්ෂ දේශපාලකයා ලෙස කට මැත දොඩන මිනිසාගේ සීමාවෙන් ඔබ්බට ලංකාවේ දේශපාලනයට වෙනත් ප්‍රායෝගික වැඩ කළ හැකි මානයන් හඳුන්වා දුන් පුද්ගලයා හැටියට සජිත් ප්‍රේමදාස එකතු කළ පරමාදර්ශයට අපි ගරු කරන්නෙමු.ඔහුට චිර ජීවනය පතන්නෙමු

TEAM LNW

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan