විදුලි බිල අඩු කිරීමේ යෝජනාව PUCSL වෙත.දැනෙන වෙනසක් බලාපොරොත්තු වෙන්න – CEB

Date:

කොළඹ LNW:විදුලි බිල සංශෝධනය පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාව අද (12) මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය) මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය ගත් තීරණය මාධ්‍ය වෙත දැනුම් දෙමිනි.

විදුලි බලය සම්බන්ධයෙන් යහපත් වසරක් උදා වී තිබෙන අතර ජනතාව ඉතා අසීරුවෙන් සිටින මොහොතක මෙම සහනය ඉක්මණින් ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.

අනිවාර්යයෙන් දැනෙන වෙනසක් සිදුවනු ඇති බව නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

”මහජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා විදුලි බිල සංශෝධනය සිදුවන තෙක්. විදුලි බලය පැත්තෙන් ඉතා හොඳ වසරක් ඇතිවෙලා තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිසම අපට දීලා තියෙන ප්‍රතිපාදන අනුව අපි සියලු දේ සකස් කරලා ඉවරයි. ජනතාව ඉතා අසීරුවෙන් ඉන්නේ මෙහි ප්‍රතිඵලය ඉතා ඉක්මණින් ජනතාවට ලබාදෙන්න ඕන. ඉතා හොඳ සුභදායී ආරංචිය තමයි දෙන්න උත්සාහ කරන්නේ. අපේ අය ක්‍රමය තුළ අපට ලාභ තියාගන්න බැහැ. අපේ පිරිවැය පදනම් වූ ගාස්තු ක්‍රමයක් තියෙන්නේ. ඒ අනුව සියලුම සහන ජනතාවට ලබා දෙනවා. අද දවස තුළ අප මහජන උපයෝගිතා කොමිසමට ලබා දෙනවා. මේ අවස්ථාවෙත් මහජන උපයෝගිතා කොමිසමට බලය තියෙනවා අපි දෙන යෝජනාවට ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කරන්න. මහජන උපයෝගිතා කොමිසම උපරිම සහනය මහජනතාවට ලබාදෙයි. අනිවාර්යයෙන්ම දැනෙන වෙනසක් සිදුවෙයි. ජීවන තත්ත්වය ඉහළ දැමීමේ පළවෙනි එක තමයි විදුලි බලය. බින්දුවයි තිහ බින්දුවයි හැට බින්දුවයි අනූව කියන පරාස වලට වැඩි සහනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

විදුලිය පිළිබඳ හඬ නගන සිවිල් සංවිධාන විද්වතුන් ඇවිල්ලා මේ ගැන සාකච්ඡා කරා. ගෘහස්ථ සහ කර්මාන්ත කියන දෙකම ගැන තීරණය කරලා හොඳම ආකාරයට විදුලි බිල සංශෝධනය සිදු කරන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. හැමෝම කියන්නේ උපරිම අඩු කරන්න කියලා. අඩු ආදායම් කාණ්ඩ වෙත උපරිම සහන ලබා දෙන්න කියලා තමයි හැමෝම ඉල්ලුවේ. ජනතාවගෙන් සියයට අනු නමයයි දශම නමයක් ම අපේ පාරිභෝගිකයෝ. ඔවුන්ගේ අදහස් උකහාගැනීමක් පමණයි සිදු කළේ. රටක් විදිහට එකට එකතුවෙලා සාකච්ඡා මාර්ගයෙන් ඉදිරියට යන්න තමයි අපේ බලාපොරොත්තුව. පාරිභෝගිකයින් නියෝජනය කරන අයගේ අදහස් අපට ආවා. අපි ඒවා ඉත සිතින් පිළිගත්තා.”

මේ අතර නව පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය විකුණන බවක් එහි සඳහන්ව නොමැති බවයි.

වඩා හොඳ සේවයක් ලබා දීම වෙනුවෙන් එය ප්‍රතිව්‍යුහගතකරණයට පමණක් ලක්වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...