මිලියන ගණනින් සංදර්ශන තියෙන මොහොතක දැන් ජන්දෙට සල්ලි නැහැ කියන්න නම් බැහැ – පැෆරල්

Date:

කොළඹ LNW:ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් තාක් හෝ හිතනවා නම් මැතිවරණය සදහා මුදල් වෙන් කළ යුතු අතර මේ මොහොතේ මිලියන ගණනින් වියදම් කර මැති ඇමතිවරුන් සංදර්ශන පවත්වන තත්ත්වයක මැතිවරණ සඳහා තවදුරටත් මුදල් නොමැති බව පැවසිය නොහැකි බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාව යෙදවීමට තරම් මුදල් ඇත්නම් මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට එම මුදල යෙදවීම සිදුනොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්න කර සිටින බවයි.

”මැතිවරණ පිළිබදව ආණ්ඩුව අවධානය යොමු කරලා තිබෙනවා.ඒක සාධනීයයී. නමුත් ඒක දේශපාලන අභ්‍යන්තර සාකච්ඡාවකදී තීරණය කරන්න බැහැ. මැතිවරණය තීරණය කරන්න ඕන මැතිවරණ කොමිසම. දේශපාලන පක්ෂවල තීන්දු ආණ්ඩුවල තීන්දු ලෙස ප්‍රකාශ නොකළ යුතුයි.

ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට තිබෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කිරීම හරහා ඒ මැතිවරණය පවත්වන්නත් පුලුවන්.

මැතිවරණ ප්‍රමාද කිරීම සදහා යොමු කළ නඩුකර ආණ්ඩුව විසින් කළ දෙයක්. තමන්ට වාසි සහගත මොහොතේ මැතිවරණ පැවැත්වීම තමයි මීට පෙර පාලකයන් කළෙත්. නමුත් කළ යුත්තේ මැතිවරණය කාල රාමුවකට අනුව පැවැත්වීමයි.

මුදල් නෑ කියනවා.මැතිවරණ තියන්න සල්ලි නෑ කියනවා. නමුත් මිලියන ගණන් වියදම් කරමින් සංදර්ශන පවත්වනවා. මන්ත්‍රීවරුන්ට පාටි දෙනවා.ඒ නිසා මැතිවරණය තියන්න සල්ලි නෑ කියලා ආණ්ඩුවට තවදුරටත් කියන්න බැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් තාක් හෝ හිතනවා නම් මැතිවරණය සදහා මුදල් වෙන් කළ යුතුයි.

ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් මිලියන ගාණක් වෙන් කරන්නේ ජනතාව දරිද්‍රතාවයකින් ඉන්න මොහොතකයි. ඒ වගේම ඒ තරම් මුදල් තිබෙනවා නම් මැතිවරණය තියන්න ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න මේ මුදල් යොදවන්නෙ නැත්තේ ඇයි දැයි අපි අහනවා. ආණ්ඩුවට ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවයක් නැහැ.” යනුවෙන් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...