සාදය අවසන් …. !

සැඳෑවේ විල්තෙරක් අසබඩ
කාලෙකින් අපි හමුවුනා
ඇල්ගී අහුරක් ජපන් ජබර මුලක්
කටගැස්මට තබා තිබුනා

හැත්තෑ හය වසරක් පැරණි
කිහිපවරක් පෙරන ලද
මහ මෙරක් රහ “රහමෙර”
අද සාදයේ මුල් තැනම තිබුනා

මිත්‍රවරුණි අප මේ මාහා විලේ
කුඩා මසුන් ලෙස කාලයකින් හමුවුනා
නියං කාලයේ වහසි කොක් බසින් බේරුන
බැවින් මෙලෙස හමුවන්න හැකිවුනා

බෙලිකටු මධු බඳුන්
උස්සා හප්පා සමරන්න
මේ අමතක නොවන සැඳෑවකි කාලෙකින් උදාවුන

මදි නම් තව එකක් අරගන්න
හෙමිහිට මිල්ටන් ගීතයක් මුමුනන්න
කුඩා වරල් සලන්න වරක් උඩ පනින්න

සමාවෙන්න ! සමාවෙන්න !!

අවාසනාවේ වීසි දැල
දැන් මොහොතකට කලින්
විල්තලයට උඩින් විසි වුනා

සාදය අවසන්
මා මිත්‍ර කුඩා මසුනි
හිස්ලූ ලූ අතක
වේගයෙන් යන්න පිහිනා

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...