රට බංකොලොත් කියල අපි නම් කිව්වේ නැහැ – පොහොට්ටු ලේකම්ගේ කාරක සභාවට මුදල් ලේකම් උත්තර බඳියි

Date:

කොළඹ LNW:මූල්‍ය බංකලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ,රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කළේ තෝරාගත් ණය යම්කිසි කාලසීමාවකට ගෙවීම තාවකාලිකව අත්හිටුවීම පමණක් බවයි මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ. ඒ අනුව මුල්‍ය බංකලොත්භාවය යන යෙදුම භාවිත කිරීම තාක්ෂණික වශයෙන් නිවැරදි නොවන බව ඔහු කාරක සභාවට පෙන්වා දී තිබේ.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය වසර ගණනක ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් ලේකම්වරයා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනකට එක්වන අවසන් අවස්ථාව මෙය වියයුතු බව අවධාරණය කර තිබුණි.

ඒ සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වහාම සිදු කළයුතු බවත් මේ වන විටත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඔහු පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් එම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර ඊට කාරක සභා සාමාජිකන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක, ජයන්ත කැටගොඩ, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...