*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඩයනාගේ 2024 ඉලක්කය!

කොළඹ LNW: සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ‍ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (12) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව එම සංචාරක ඉලක්කය මඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි ඇය පැවසුවේ.

මේ අතර 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 106%කින් වැඩි වී තිබෙන අතර 2023 වසරේදී මෙරටට ලක්ෂ 14කට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව සංචාරක අමාත්‍යාංශය ලෙස සතුටට පත් වෙන බවද ඇය සඳහන් කරන ලදී.

”එසේම සංචාරක කර්මාන්තය තුළ තවදුරටත් විසඳිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. ඉහළ සංචාරක ආකර්ෂණය ඇති ඇතැම් ස්ථානවල ප්‍රවේශපත්‍ර සඳහා වන මිල ගණන් ඉහළ දමා ඇති බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධව අමාත්‍යාංශය මට්ටමින් සොයා බැලීමට අප කටයුතු කරනවා. මෙම මිල ගණන් වැඩි කිරීම පිළිබඳව අප දැනුවත් නැහැ. ඇතැම් රාජ්‍ය ආයතන විසින් සිදුකර තිබෙන මෙම අත්තනෝමතික ක්‍රියාව නිසා චෝදනා ලබන්නේ සංචාරක අමාත්‍යාංශයයි.

ඒ වගේම හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. සංචාරකයන්ට බලපා තිබෙන ගැටලු සම්බන්ධව අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. එමඟින් සංචාරකයන් වෙනුවෙන් යම් සහනදායක වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකි වෙතැයි අප අපේක්ෂා කරනවා.

සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් මෙරට සංස්කෘතික ස්ථාන, දියඇලි මෙන්ම ඇල්ල, බණ්ඩාරවෙල ඇතුළු සංචාරක ප්‍රදේශවල විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වෙනවා. අද වන විට සංචාරක කේෂ්ත්‍රයේ පිබිදීම අප අත්විඳිමින් සිටිනවා. ඒ වගේම ඉදිරියටත් සංචාරක කර්මාන්තය දියුණු කරමින් රටට විදේශ විනිමය ඉපයීමට කැපවී කටයුතු කරනවා.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan