කැබිනට් තීන්දුවෙන් සෞඛ්‍ය පද්ධතියම ඇවිලෙයි – වෘත්තීය සමිති 72ක් සටන් බිමට!

Date:

කොළඹ LNW: සිය ඉල්ලීම ඉටු නොවන්නේ නම් එළඹෙන 16 වැනිදා පැය 24ක ඒකාබද්ධ වැඩවර්ජනයක් සිදුකරන බවට අද (12) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබේ.

පසුගිය 09 වැනිදා සිට දින තුනක් සෞඛ්‍ය වෘත්තීය සමිති 10ක් වැඩවර්ජනයක නිරත වූ අතර රෝගී ජනතාවගේ සහයට යුද හමුදාවද කැඳවීමට රජය කටයුතු කර තිබුණි.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටළුව මතුව තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීන් නොසලකා වෛද්‍යවරුන්ට පමණක් දීමනාව වැඩි කිරීමට එරෙහිවයි මේ වන විට උක්ත විරෝධය ගොඩනැගී ඇත්තේ.

වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාවට සාපේක්ෂව තමන්ට ලබා දෙන දීමනා රුපියල් 35,000 කින් වැඩි කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ

මේ අතර සමස්ත ලංකා හෙද සංගමය අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සන්දේශයක් භාර දෙමින් ද මෙම ඉල්ලීම සිදුකර තිබේ.

කෙසේවෙතත් එළඹෙන සතිය සෞඛ්‍ය ක්ෂේත්‍රය රත්කරන සතියක් බවට අපේක්ෂා කළ හැකිය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...