තද සුළං හේතුවෙන් ලොස් ඇන්ජලිස්හි ලැවුගිනි තත්වය තවත් නරක අතට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුතම ව්‍යසනය ලෙස හැඳින්වෙන ප්‍රධාන ලැවුගිනි තුනක් සමඟ සටන් කරමින් සිටින ලොස් ඇන්ජලිස් මේ සතිය අග මුහුණ දීමට නියමිත කුප්‍රකට වියළි සැන්ටා ඇනා සුළං හේතුවෙන් ලැවුගිනි ව්‍යාප්තිය නැවත නරක අතර හැරිය හැකි බව එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය (NWS) අනතුරු අඟවා තිබේ.

මෙම සුළං 110km/h (70mph) දක්වා වූ තද සුළං ඇතිවනු ඇති බව විශ්වාස කරන අතර මේ හේතුවෙන් ලොස් ඇන්ජලීස් සහ වෙන්චුරා ප්‍රාන්ත සඳහා හදිසි තත්වය දිගටම පවතිනු ඇත.

කෙසේ නමුත් ලැවුගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහල ගොස් ඇත.

මේ වන විට ව්‍යාප්තව පවතින විශාලතම ගින්න පලිසේඩ්ස් වන අතර එය දැන් අක්කර 23,000 කට වඩා වැඩි ප්‍රමාණයක් දැවී ඇති අතර 11% ක් පාලනය කර ඇත. ඊටන් ගින්න දෙවන විශාලතම ගින්න වන අතර අක්කර 14,000 කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. එය 27% කින් පාලනය කර තිබේ. හර්ස්ට් ගින්න අක්කර 799 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය සම්පූර්ණයෙන්ම පාහේ මැඩපවත්වා ඇත.

දැන් දකුණු කැලිෆෝනියා කලාපයේ ගිනි නිවන භටයින් 14,000 ක් සිටින අතර ඔවුන්ට ගුවන් යානා 84 ක් සහ ගිනි නිවන රථ 1,354 ක් සහාය වන අතර 14,000කට අධික පිරිසක් ගිනි නිවීමේ කාර්යට සම්බන්ධ වී සිටින අතර කැනඩාවේ සහ මෙක්සිකෝව ද අමතර කණ්ඩායම් සපයා තිබේ.

ලොස් ඇන්ජලීස් ප්‍රදේශය පුරා ඉවත් කිරීමේ නියෝග දැන් පදිංචිකරුවන් 153,000ක් ආවරණය කරන අතර තවත් 166,000 පදිංචිකරුවන්ට ඉවත් වීමට සිදු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...

කෙහෙළියගේ බෑනා,ලේලි සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට කැඳවල!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, ලේලිය සහ තවත්...