නායකත්වය ගැන පස්සේ බලමු.මුලින්ම එකතුවෙලා ඉමු – සජිත්ට රනිල්ගෙන් නොනවතින ඇරයුම්!

Date:

කොළඹ LNW:පක්ෂ නායකත්වය පිළිබඳ නොසිතා මේ මොහොතේ සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම වැදගත් බව එජාප නායක හිටපු ජනාධිපති රනල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්විය යුත්තේ මෙම කණ්ඩායම් දෙකම එකට බවයි වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ.

කඩුවෙල ආසනයේ සමඟි ජන බලවේගයේ පලාත් පාලන නියෝජිතයන් පිරිසක් මල් පාරේ පිහිටි එජාප මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවකදී මේ බව පවසා තිබේ.

කෙසේවෙතත් සමඟි ජන බලවේගයේ වැඩිදෙනෙක් යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට කැමැත්තෙන් සිටින බවත් ඊට ප්‍රධානම හේතුව සජිත් ප්‍රේමදාස මහතාට තවදුරටත් පක්ෂය මෙහෙයවා ගැනීමට නොහැකි වීම බවත් සඳහන්.

මේ අතර ඊයේ පස්වරුවේ කොළඹදී මාධ්‍ය වෙත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ අඩුපාඩු නිවැරදි කර නොගන්නේ නම් බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂය හා නැවත එක්වනු ඇති බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයද මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින්නේ සමඟි ජන බලවේගය හෝ ඉන් සාතිශය බහුතරයක් යළි සිරිකොතට එක්කර ගැනීම වෙනුවෙන් බවද වාර්තා වෙයි.

ඒ බව එජාප නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මියද තහවුරු කරමින් පැවසුවේ මෙම කණ්ඩායම් දෙක එක්කිරීමට තමන් කෙසේ හෝ කටයුතු කරන බවයි.

කෙසේවෙතත් පවතින දේශපාලන වාතාවරණය අනුව නම් එජාප – සමඟි එක්වීමකින් මිස ඔවුන් සියලු දෙනාගේම දේශපාලන අනාගතය අවිනිශ්චිත තැනකට තල්ලු වී තිබේ.

එහෙයින් මෙරට පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය යළි ප්‍රතිසංවිධානය වීමේ අවශ්‍යතාව ඔවුන්ට පවතින අතර සමඟිය තුළ මතුව තිබෙන සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් වන විශ්වසනීයත්වයේ පළුදු වීම එජාපයට යළි ඔළුව උස්සාගැනීමට අවස්ථාව උදාකර ඇති බවද බොහෝදෙනාගේ අදහසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...