ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

Date:

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන් බහිෂ්කරණය කිරීමේ සිට පක්ෂය රාජ්‍ය බලය ලබාගැනීම දක්වා වූ ගමන තුලවූ වාමවාදයෙන් දක්ෂිණාංශිකවාදය දක්වාවූ සංවිධානයේ රූපාන්තරණය ගැන සරළ ආපෝහක සටහනක් තැබීමට සිත් විය..

එක යුගයක පක්ෂයේ අද්විතීය කතිකයා වූයේද, පාර්ලිමේන්තු කන්ඩායම් නායකව සිටියේද විමල් ය. ඔහු පක්ෂයෙන් එළියට විසිවෙනතාක් අනුරට අනාගත විවෘත තලයේ පක්ෂ නායකත්වයට මාවතක් නොතිබිනි. විමල් යෑමට හේතුභූත වූ මතුපිට සරළ කරුණු වූකලී සන්ධර්භය විසින් බිහිකල පෘෂ්ඨිමය තත්වය විය හැකිය..

විමල්ගේ පිටව යෑමත් සමඟ ව්‍යාපාරයට කතිකයෙක් නැති අඩුවත් පාර්ලිමේන්තුව තුල නායකයෙක් නැති අඩුවත් පක්ෂයට බරපතල ලෙස දැනින.

මේ රික්තය තුල විශාල කාලයක්ද රැගෙන අනුර කතිකයෙක් ලෙසද, පක්ෂයේ පාර්ලිමේන්තු නායකයා ලෙසද වර්ධනය වනු පෙනින..

ඊළඟට පැමිනියේ ජ.වි.පෙ. කොමිනිස්ට්වාදීන් වූ මෙන්ම පක්ෂය දෙවන නගාසිටුවීමේදී නායකත්වය දුන් පක්ෂයේ අභ්‍යන්තර නායකයන්වූ කුමාර්ලා, ඕපලා පක්ෂයෙන් පලවා හැරීමේ ක්‍රියාන්විතයයි..

පක්ෂ සුක්කානම දකුණට කැරකැවීමට නම් අනිවාර්‍යයෙන්ම උග්‍ර කොමිනිස්ට්වාදීන් වූ කුමාර්ලා ඕපලා බහිෂ්කරණය කිරීම කලයුතුම දෙයක්වූ අතර එය එසේම වූවා යැයිද මම සිතමි..

ඉන් පසු පක්ෂයේ අභ්‍යන්තර නායකයන් ලෙස ඉතිරිවූයේ පක්ෂයේ පාර්ලිමේන්තු නායකයන් විසින් නටවන රූකඩ නායකයන් මිස කුමාර්ලා, ඕපලා සේ දෘඩ මිනිසුන් නොවේ..

ඊළඟ සිදුවීම පරණ පක්ෂයේ නායකත්ව කාඩරයද අහිමිව දුර්වලව හා තනිවී මෙන් සිටි සෝමවංශගෙන් පක්ෂ සභාපතිකම ලබාගැනිමයි. එයද එසේ සිදුවූ අතර අනතුරුව සෝමවංශට වූ දෙය මා මෙහි ලිවිය යුතු නැත.. 89 අරගලයේ ඉතිරිවූ එකම දේශපාලන බලමන්ඩල සභිකයා වූ සෝමවංශයන් බලදේශපාලන මෙවලමක් සේ එහෙට මෙහෙට පාවිච්චිවී අවසානයේ හද්දා අනාතයෙක් විදියට මිය ගියේය.. 89 අරගලයෙන් විනාශවූ පක්ෂයේ උරුමය අරගලයේ අහලකවත් නොසිටිය වත්මන් පිරිසක් විසින් ඩැහැගනු ලැබීමට ඔහු පෙකනිවැලක් වූවා පමණය.

මම හිතන්නෙ ඊට පස්සෙ ජ.වි.පෙ. ඉතුරු උනේ ඇජෙන්ඩාවලට අහුවෙලා ප්‍රතිපත්‍ති කැලේට දාලා ජයග්‍රහන පස්සෙ දුවන දෙවන පෙල සංවිධායිකයො සහ සැලැස්මේ උගුල්වල හිරවූ නායකයො විතරයි..

මින් ඉදිරියට යාන්තං යන්තම් හරි වමේ මතවාද තියෙන නායකයො ජ.වි.පෙ. ඉන්නවානම් ඒ අයගෙ ඉරණමත් පරණ අයට අත්වූ ඉරණමේ ඊළඟ දිගුවම ලෙස අනුමාන කල හැකිය… සම්පූර්ණ රාජ්‍ය බලය ගත්තට පස්සෙ ආයෙ ඕන වමක් නෑ ….

දක්ෂිනාංශික සංවර්ධනයක් රටේ ඇතිකරන්න පුලුවන් නම් ඒක නරකයි කියලා මම කියන්නෙ නෑ.. මොකද සියල්ලට පෙර කල යුතු දක්ෂිනාංශික ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් මෙහෙ තියෙනවා.. හැබැයි ඒවා මේ අයට කරන්න බෑ, ධාරිතාවය පොඩියි.. හත්පොලේ ගාගන්න ගේම් විතරයි දන්නේ..

මේවා සීරියස් නොගත්තත් කමක් නෑ.. රෑට නින්ද යන්නෙ නැතිනිසා ලියන ඒවනෙ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...