නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW:
දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ නිලවරණත්.ඒ නිසාම තමයි දේශපාලනයට මේ වැඩේ හසුරුවන්න පහසු වෙලා තියෙන්නෙත්.මීට පෙර නිලවරණය පවත්වන්න හදපු වෙලාවෙ ඇති වුණ තත්ත්වය එක්ක ඒක කල් ගියා.ඒ වෙලාවෙ ඒකට එකට මුහුණ දෙන්න ආපු අය මේ වෙන කොට වෙනස් වෙලා.වෙන වෙන කණ්ඩායම් වෙලා.නිලවරණය නොපැවත් වූ කාලය ඇතුළෙ එහෙම වෙනස් වෙනවා කියන්නෙම ඒ නිලවරණයෙන් පත්ව ආවනම් මේ කාලය ඇතුළත එහෙම වෙනස් වෙන්නෙ නැහැ හැබැයි.එහෙනම් නොගැලපීම් එක්ක බලය වෙනුවෙන් එකට වෙනස්කම් තියාගෙන රැඳෙනවා.එහෙම බලනකොට මේ මොහොත වඩාත් ගැලපෙනාකාරයේ බැදීම් එක්ක එකතු වූ පිරිස් ලෙස ඉදිරිපත්වීමක් සිඳුව ඇති බව සිතිය හැකියි.
බලය සම්බන්ධයෙන් කටයුතු කරද්දි වෙන අලකලංචිවල හැටි එහෙමයි.සදාකාලික සතුරන් හෝ මිතුරන් ඒ තුළ නැහැ.ගියපාර ඡන්දය නොපැවත්වුණේ ඇයි කියන කාරණයට ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ පාරත් ලේකම් ධූරයට ඉදිරිපත්ව සිටින වෛද්‍ය ධම්මික සේනානායකගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීමයි.වෛද්‍ය ධම්මිකට එම තනතුරට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබෙන්නෙ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තමන්ගේ වෘත්තීය ඇතුළුව වෘත්තීන් හතරක් මේ රටේ ප්‍රභූ වෘත්තීන් බව ක්‍රීඩා පණත ඇතුළෙ හඳුන්වා දීම නිසයි.ඒ වෘත්තීන් හතරෙ සේවයෙ යෙදෙන කෙනෙක්ට වසර 10 ක පළපුරුද්දක් ඇත්නම් ක්‍රීඩා නොකළත් ක්‍රීඩාව පාලනය කරන්න පුළුවන් බවට වුණ සංශෝධනය අනුව තමයි වෛද්‍ය ධම්මික ඒ තනතුරට ඉදිරිපත් වෙන්නෙ.
කොහොමහරි ඕනෑම දෙයක් කරන්න පුළුවන් සුපිරිම වෘත්තියක නියැළුණ පුද්ගලයෙක් බවට ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් බැස ගියත් තමන්ගේ වෘත්තිය ඉහළින් තබා ගන්න ක්‍රීඩා ඇමතිතුමා ක්‍රීඩා පණත හරහාම පාර කපාගෙන තියෙනවා.හැබැයි මේ වෘත්තීන් හතරට පමණක් නොවී වෙනත් ඕනෑම වෘත්තියකට සහ ව්‍යාපාරිකයෙකුට ක්‍රීඩා පරිපාලනයට එන්න පුළුවන් වෙන්න පාර කැපුවානම් සහ ඒ සඳහා අවසර දීමට වෙනත් විද්වත් මණ්ඩලයක් පත් කරානම් තමයි නිවැරදි ක්‍රමය වෙන්න තිබුණෙ.එහෙම නොවෙන ඉතිහාසයක ක්‍රීඩා කරපු අය විසින් පියවරෙන් පියවර ගෙනත් දාපු ක්‍රීඩාව අසරණ වුණ තැනෙක සිට තමයි අද ක්‍රීඩාව ආරම්භ වෙන්නෙ.
අපි කාලෙක ඉදල යෝජනා කරන්නෙ අමාත්‍ය උපදේශක සභාව හැටියට පක්ෂ විපක්ෂ නියෝජනයක් සහිත පාර්ලිමේන්තු නියෝජනයක් ගෙන එන්න කියලයි.තරමක් දුරට කෝප් කමිුටු හැඩයෙ ව්‍යහුයක්.ඒත් ක්‍රීඩා ඇමතිවරයා හෝ මේ ආණ්ඩුව ඒ ගැන කල්පනා කළේ නැහැ.ප්‍රධාන පක්ෂය හැටියට ආණ්ඩුවේ තියෙන ලංකා පත්තරේම ක්‍රීඩා සංස්කාරක හැටියටත් මේ ගැන සටහන් කරලා තිබුණත් එහෙම ඒ පිටුව හෝ අධ්‍යයනයක එවකටවත්,මේ වෙනකොටවත් එම පක්ෂයට නොමැති වූ බව බව තමයි එහි ලියපු කෙනා හැටියට දැන් හිතන්න වෙලා තියෙන්නෙ.
එහෙම උපදේශක සභාවක් ආවම මේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ අවධානයට වගේම රටේ අවධානයට ලක්විම වැඩි වෙනවා.පක්ෂ විපක්ෂ ගැටුම් අතරින් නිවැරදි තේරීම් කර ගන්නත් පුළුවන්.එහෙම නොවන නිසා සල්ලි ඇති ක්‍රිකට් පුටුවලට කෙළ හලන පිරිසකගේ ක්‍රිකට් උනන්දුව හැරෙන්න පාර්ලිමේන්තුව තුළ ක්‍රීඩාව ගැන අවධානය යොමු වී ඇත්තේ ඉතා අඩුවෙන්.මේක තමයි ඇත්ත තත්ත්වය.සෘජුව දේශපාලනය විසින් හැප්පී ගනු ලබන තීරණවලට වඩා පවතින ක්‍රීඩා උපදේශක සභාව වැනි පද්ධති හරහා වෙන්නෙ ඒක පාර්ශවික දේශපාලනයක්.
මේ ව්‍යහුය යටතෙ දැන් මලල ක්‍රීඩා නිලවරණය පැවත්වෙන්න මඟ සකස් වෙලා.මීට පෙර පවත්වන්න ගිහිං අවලංගු වූ නිලවරණයේ සුනිල් ගුණවර්ධන පාර්ශවය විසින් පිළිනොගත් වෛද්‍ය ධම්මික සේනානායක මෙවර නිලවරණයේදි සුනිල් පාර්ශවයේ ලේකම්වරයා හැටියට ඉදිරිපත් වෙලා ඉන්නවා.සුනිල් පාර්ශවයෙන් ලේකම්වරයා හැටියට ඉදිරිපත් වූ මාධව සෙනරත් බණ්ඩාර මෙවර ලේකම්වරයා හැටියට ඉදිරිපත් වෙන්නෙ බිමල් ජයසිංහ සභාපතිවරයා හිටියට ඉදිරිපත් වන පාර්ශවයෙන්.
මාධවගේ ප්‍රවේශය නිලවරණයෙදි අතිශයින් වැදගත් කාරණාවක්.ඔහු පැවති පරිපාලනයන්ට විරුද්ධව නැඟී සිටියා පමණක් නොවෙයි.වැඩ කළ යුතු ආකාරය කෙසේද යන්නත් පෙන්වා දුන් අයෙක්.විදේශ ක්‍රීඩා උළෙලවල් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් ඉන්න මාධව ඒවා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවන්න කටයුතු කළ ආකාරය ඉතාම වැදගත්.ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මාධව වරක් ජපානයට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ දුම්රිය ස්ථාන පවා නම් කරමින් ඔවුන්ගේ ගමන් සඟයා ලෙස ශ්‍රී ලංකාවේ සිට පත් වූ හැටි අනුග්රහයන් සොයා දෙන්න මැදිහත් වූ හැටි වැනි කතා නූතණ නව කතාමය ස්වරූපයක් ගත්තත්,ඒවා ප්‍රබන්ධ නොවුණ යථාර්තයක්.
තරුණ විම වයසට සීමා නොවුණ සහ දැණුම වයසට යන්න නොදී ආරක්ෂ කර ගැනීම වගේම මලල ක්‍රීඩා සංගමයට හොඳ ආර්ථික ශක්තියක් ඇති කර ගැනීම මේ අවස්ථාවේදි වැදගත් වෙනවා.මිට පෙර සුනිල් ගුණවර්ධන සහ සුනිල් ජයවීර යන අය සිටියදි තමන්ගේ දක්ෂතාවය සහ සම්බන්ධතාවය මත යම් යම් ආර්ථිකමය වැදගත්කමක් ඇති දේවල් මලල ක්‍රීඩාවට එකතු කර තිබුණත්,තැන්පත් ධනයක් එයට අවශ්‍යය වෙනවා.ක්‍රීඩා අමාත්‍යවරයාගේ දොරකඩ පාත්තරයක් තබාගෙන මේ සංචාරයට යන්න සල්ලි දෙන්න කියා අදෝනා තබන පරිපාලන විලාසිතාව වෙනස් කළ හැකි පුද්ගලයෙක් මේ පරිපාලනය මෙහෙයවිය යුතු තැනට අද වන විට මලල ක්‍රීඩාවේ හැඩය වෙනස් විය යුතුව තිබෙනවා.
ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අවධානය දිනා ගත හැකි මලල ක්‍රීඩා උළෙලක් පවත්වන්නට අපොහොසත් වී තිබෙනවා.තිලක් වීරසිංහ විසින් කරනු ලබන කළම්ඹු මැරතන් තරගය හැරුණු විට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ගැන ජාත්‍යන්තරයේ සඳහන් වන ඉසව්වක් දකින්නට නැහැ.මේ තත්ත්වය වෙනස් කර වාර්ශිකව පැවත්වෙන තාවිලන්ත,සිංගප්පුරු වැනි විවෘත මලල ක්‍රීඩා සූරතාවලියක්,ග්‍රොන්ප්‍රී තරගාවලියක් වැනි ඉසව්වක් ජාත්‍යන්තර කාල සටහනට ඇතුළත් වෙන විදිහක් අප කල්පනා කළ යුතුව තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශය,ජාතික ඔලිම්පික් කමිටුව වැනි ආයතන සමඟ සම්බන්ධ වී පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයන්ගේ ප්‍රවර්ධනයට අවශ්‍යය වන දැණුම යාවත්කාලීන කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා.මේවා නිලවරණයට පෙර ඡන්ද දායක සංගම්වලට නිලධාරීන්ට දැණුම් දීමේ වැඩ පිළිවෙලක් මේ නිලවරණ ඇතුළත ක්‍රියාත්මක වන්නේ නැහැ.ඡන්දය හිමි කිසිඳු සංගමයක් එම වැඩ පිළිවෙලවල් එම සංගම්වල මහා සභාවකට ඉදිරිපත් කර කාටද ඡන්දය දිය යුත්තේ කියා අවසර ගැනීමක් සිඳු වන්නෙත් නැහැ.ඡන්දය දිමට නියමිත අය අපේක්ෂකයන් සමඟ ඇති හිතවත්කම පමණක් සළකා සාද සාමිචි පවත්වා පැමිණ එම සංගමයේ අදහස හැටියට මතය ප්‍රකාශ කිරීම කරන්නේ තනිකරම පෞද්ගලික අදහසකින්.මේ තත්ත්වය වෙනුවට මේ ඉදිරිපත් වන අපේක්ෂකයින් කවුද,ඔවුන්ගේ වැඩ පිළිවෙල කුමක්ද යන්න නිලවරණයේදි ඡන්දය හිමි සංගම් සාකච්ඡා කර සංගමයේ තීරණය ප්‍රකාශ කිරීමක් සිඳු විය යුතුයි.යම් අයෙකු සංගමයේ තීරණය වෙනුවට වෙනත් තීරණයක් ගෙන ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි පසුබිමක් ව්‍යවස්ථාවෙන් සකස් කිරිමත් මෙහිදී වැදගත් වෙනවා.
පත්වන පරිපාලනය එවැනි පසුබිමක් මින් ඉදිරියට ඇති කිරීම වැදගත් වෙනවා.කවුරන් හෝ මේ නිලවරණයෙදි තමන් පත් වී සිඳු කරන්නට බලාපොරොත්තු වන දේ ඉදරිපත් කරන්නේම් එය ද හොඳ ආරම්භයක් වනු ඇති බවයි අපේ අදහස.කෙසේ හෝ මලල ක්‍රීඩාවට අවශ්‍යය ඇමති දොරකඩ කැටය ලෙලවන පිරිසක් නොවේ.තමන්ගේ පැවත්ම සඳහා ආර්ථික වශයෙන් ශක්තිමත් පදනමක් ඇති පරිපාලනයක් නිර්මාණය කර ගැනීමට හැකි වැඩ පිළිවෙලක් අවශ්‍යය වෙනවා.මේ වන විට ඇති අනුග්රහයන් ඉක්මවා යන වැඩ පිළිවෙලකට සිටින පිරිස් රැක ගනිමින් යොමුවන්නේ කෙසේද යන්න සාකච්ඡාවට ගත යුතුව තිබෙනවා.
කෙසේ හෝ නිලවරණයකට යාම වැදගත් තීරණයක්.අමාත්‍යවරයා සර්ව බලධාරි වන්නේ අපේ දුප්පත් දේශපාලන සමාජය තුළ පමණයි.ජාත්‍යන්තර වශයෙන් ඊට අනන්‍ය වූ පරිපාලන දේහයක් අපේක්ෂා කරනවා.මේ මෑතක ජැමෙයිකාවට ගොස් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ එරට ඇති වූ සුළි කුණාටුවෙන් විපතට පත් පිරිසට උපකාර කිරීමට තීරණය කර තිබෙනවා.සමහර විට හොද සබඳතාවයක් මෙන්ම හොඳ අදහසක් තියෙන මලල ක්‍රීඩා පරිපාලනයක් තිබුණානම් මේ අවස්ථාව ශ්‍රී ලංකාවටත් හිමිවන්නට තිබුණා.දැන් වුණත් පත්වන පරිපාලනයට ඒ දේ කළ හැකියි.
එසේම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට පරිපාලනය කරන්නට තමන්ගේ කියා ක්‍රීඩා පිටියක් තවමත් නැහැ.මේ තත්ත්වය බොහෝ ක්‍රීඩාවන්වල ඇත්ත තත්ත්වය වෙනවා.ආණ්ඩුව මේ වගකීම මලල ක්‍රීඩා සංගමයට පැවරිය යුතුයි.දියගම ක්‍රීඩා පිටිය හෝ මලල ක්‍රීඩා සංගමය විසින් පාලනය කරන හෝ වැඩි තීරණ මලල ක්‍රීඩා සංගමයට ගත හැකි වන පරිදි පරිපාලනමය ව්‍යහුයක් සකස් කර දීම වැදගත් වෙනවා.එය දාන කටයුත්තක් නොකොට අය කර යම් මුදලක් ඉතිරි කර ගැනීමට මලල ක්‍රීඩා සංගමයට අවස්ථාව ලැබෙන පරිදි ආදායම් මාර්ගයක් සකස් විය යුතුව තිබෙනවා.
මීට පෙර මලල ක්‍රීඩා සංගමය සතු ගොඩනැඟිල්ල තුළ අවන්හලක් පැවතියා.ඒ ආකෘතිය නැවත ස්ථාපිත වන පරිදි අවන්හලක් අඩුම තරමේ මත්පැන් පිටතින් රැඟෙන විත් භාවිතයට හෝ ඉඩ ඇති පරිදි සකස් කළ හැකිනම් වැදගත් වෙනවා.යථාර්තය අප තේරුම් ගත යුතුයි.ක්‍රිඩා උළෙලක් පවතින අවස්ථාවල එහි එන පුහුණුකරුවන්,නිලධාරීන් කොපමණ ප්‍රමාණයක් මත්පැන් සහ කට ගැස්ම වෙනුවෙන් හෝමාගම,කොට්ටාව ප්‍රෙද්ශවල අවන්හල්වලට වැය කරනවාද යන්න ගැන මේ කුමන කණ්ඩායම් පත් වුව ද නොදන්නා කාරණයක් නොවේ.අමාත්‍යංශය සමඟ එක්ව දියගම එවැනි ඉඩක් මලල ක්‍රීඩාවට ආදායමක් ලැබෙනාකාරයට සකස් කරගත හැකිනම් එය වැදගත් වේවි.
එසේම වැඩි පිරිසකට නවාතැන් ගත හැකි පරිදි නවාතැන් පහසුකම් සැකසිමත් හොඳ ආදායමක්.ක්‍රිඩා අමාත්‍යංශයට ක්‍රමිකව ගෙවී යන පරිදි එවැනි ඉදිකිරිමක් කර ගැනීමට හැකිනම් වැදගත් වෙනු ඇති.අමාත්‍යවරයා එය වන රක්ෂිත පෙදෙසක් බවට පත් කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් මෙහි නවාතැන් ගැනීමට එන පිරිස් නිතර රැඳෙන්නට පුළුවන්.ක්‍රීඩා අමාත්‍යවරයාගේ වනය කරදරයක් නැති ඉපයීමක් කර ගැනිමට කල්පනා කළ හැකිනම් එහි මංගල ඡායාරූපකරණය වැනි කාරණාවන්ට ද යොදා ගත හැකියි.ඒවා ක්‍රීඩා අමාත්‍යංශයට ක්‍රීඩා අරමුදලට යොමුවන වැඩ පිළිවෙලක් කරගෙන අමාත්‍යංශයට සහ මලල ක්‍රිඩා සංගමයට දියගමම නොවුණත් වෙනත් තැනෙක හෝ මෙවැනි ව්‍යාපෘති ගැන අවධානය යොමු කළ හැකියි.
පත් වූ පුද්ගලයන් පිළිබඳ අපට මතක ඇත්තේ පුද්ගල කාරණාවන් මතය.ඒවා හොඳ සේ ම නරක ලෙස ද පවතින්නේය.මෙතැන සිට ඇරඹිය යුතු ගමනේ පළමුවැන්න ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට යහපත් වදන්වලින් ඇමතීමේ සහ ඔවුන්ගේ පෞරශ්‍යය කඩතොළු නොකරන සංස්කෘතියකි.එන ඕනෑම කෙනෙක්ට මලල ක්‍රීඩාව පාලනය කරගෙන යා හැකි ආර්ථිකමය පසුබිමක් ආදායමක් ලැබෙනාකාරයේ වැඩ සටහන් ස්ථාවර කළ යුතුය.එයට දේශපාලනික නායකත්වය මැදිව රජයේ උපරිම සහය රැඟෙන දිය යුතුය.
සරලවම කිව්වොත් වැඩක් ආවම අමාත්‍යංශයට දුවලා ගිහිං සල්ලි ඉල්ලං ඒ මොහොත ෂේප කර ගන්නා විදිහේ පරිපාලනමය ව්‍යහුයක් විදිහට ශක්තිමත් ආර්ථිකයක් සහිත තැනෙක සිට පෙරට යා හැකි වැඩ පිළිවෙලක් මලල ක්‍රීඩාව තුළ ස්ථාපිත වන අවස්ථාවක් මේ නිලවරණයෙන් පුසව හෝ ලැබෙනවනහ් අතිශයින් වැදගත් වෙනවා.
අපි අලුත් බලාපොරොත්තු සහගතව බලා සිටින්නෙමු.!


