පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW :

පාසල් ළමුන්ට පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එහිදී, අස්වැසුම සුභසාධන වැඩසටහනට හිමි පවුල්වල පාසල් ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6,000ක දීමනාවක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබාදීමට නියමිතය.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන නමුත් මෙම දීමනාවට හිමිකම් තිබිය යුතු දිවයින පුරා පිහිටි සිසුන් 300ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, පිරිවෙන් හා සීලමාතා ආරාමවල ඉගෙනුම ලබන ගිහි සහ පැවිදි සිසුන්, සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් සඳහාද එක් අයෙකුට රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

මෙම පිරිස සඳහා අදාළ දීමනා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමට 2025 වර්ෂය තුළදී පියවර ගෙන තිබේ.

එම වැඩසටහන 2026 වර්ෂය තුළද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිට විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ...