රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW :
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ සිවිල්, දුම්රිය සහ සේවා යටිතල පහසුකම් නැවත ප්‍රතිසංස්කරණය සඳහා උපදේශන සේවා ලබා ගැනීම පිණිස සුදුසු ආයතන තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ එක්ව ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් මාර්ග සහ දුම්රිය මාර්ග යටිතල පහසුකම්, මධ්‍යකාලීන සහ දිගුකාලීන පදනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් ක්‍රියාවලියක නිරතව සිටී.
ඒ සඳහා වන සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීම, ඉදිකිරීම් අධීක්ෂණය වැනි කාර්යයන් සඳහා දැනට මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වෘත්තීමය කාර්යමණ්ඩලයන් ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් අදාළ ප්‍රතිසංස්කරණ කාර්යයන්හි ප්‍රමාදයන් සිදු වන බවයි නිරීක්ෂණය වී ඇත්තේ .
ඊට පිළියමක් වශයෙන් විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම් සහිත උපදේශන සේවා ආයතන වසර 02ක කාලයක් සඳහා ලියාපදිංචි කර ගැනීමටත්, එලෙස ලියාපදිංචි කර ගනු ලබන උපදේශන සේවා ආයතන අතරින් තරගකාරී පදනම මත මිල ගණන් කැඳවා සේවා අවශ්‍යතාව මත එක් එක් කාර්යය වෙනුවෙන් සේවාවන් සලසා ගැනීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


