ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා වලට සම්බන්ධව අත්අඩංගුවේ පසුවන එක් විරෝධතාකරුවෙකු වන එර්ෆාන් සොල්ටානිට එරෙහිව හෙට දිනයේ මරණ දඬුවම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඉරාන රජය විරෝධතාකරුවන් ‘විනාශකාරීන්’ සහ ‘කඩාකප්පල්කාරීන්’ ලෙස හඳුන්වා විරෝධතා ඇති කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට චෝදනා කර ඇති අතර ඉරාන අධිකරණ ප්‍රධානී ගොලම්හොසේන් මොහ්සේනි එජෙයි පැවසුවේ විරෝධතාකරුවන්ට ඇති ප්‍රතිවිපාක “තීරණාත්මක, උපරිම සහ කිසිදු නීතිමය සහනයක් නොමැතිව” ක්‍රියාත්මක වනු ඇති බවයි.

මේ වන විට සති තුනක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන විරෝධතා සම්බන්ධයෙන් එරට රජය විසින් ගෙනයන මර්දනය හේතුවෙන් මේ වන විට 2000කට අධික පිරිසක් මියගොස් ඇති අතර අත්අඩංගුවේ පසුවන පිරිස නිශ්චිතව වාර්තා නොවේ.

රටපුරා අන්තර්ජාල තහනමක් පනවා ඇති හෙයින් ඉරානයේ සැබෑ තොරතුරු වලට ප්‍රවිෂ්ට වීම අසීරු වී ඇති අතර මේවන විට ඉරානයේ මුදල් ඒකකය වාර්තාගත අවම මට්ටමකට පහත වැටී ඇති අතර, උද්ධමනය 40% ට වඩා ඉහළ ගොස් තිබේ.

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මර්දනය සඳහා වගකිව යුතු බලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය යෝජනා කරන බව යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් නිවේදනය කර ඇති අතර තම නිදහස සඳහා නිර්භීතව පෙළපාළි යන ඉරාන ජනතාව සමඟ ඔවුන් සිටින බවයි එහි සඳහන් වන්නේ,

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ඉරානය සමඟ වාණිජ ගනුදෙනු කරන රටවල්වල භාණ්ඩ වෙනුවෙන් 25%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඉරානය වෙනුවෙන් ගුවන් ප්‍රහාර ඇතුළු මිලිටරි විකල්ප තවමත් “මේසය මත” පවතින බව ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබුණේ, ඇමරිකාවෙන් හෝ ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානය යුද්ධයට සම්පූර්ණයෙන්ම සූදානම් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...