පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW:

කාන්තා විස්සයි විස්ස ජාතික ලීග් තරගාවලියේ සිටින යොවුන්ම කණ්ඩායම රෙඩ් කණ්ඩායමයි.චමෝදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් තරග වඳින ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් රෑනක් සහිත මේ කණ්ඩායම තරගාවලිය තුළ තවමත් අත් කරගෙන ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණයි.ඒ ජාතිත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ගණනක් සිටින අළු කණ්ඩායමට එරෙහිවයි.


ඔවුන් අවසාන වරට ග්‍රීන් කණ්ඩායම හමුවේ ලකුණු 44 ක පරාජයක් ලැබුවත් විශේෂයෙන් පන්දු යැවීමේ දක්ෂතා තුළින් ඔවුන් පැහැදිළි කරමින් සිටින්නේ අනාගතය ගැන පැහැබර බලාපොරොත්තු ඇති කර ගත්තාට කමක් නැති බවයි.


ග්‍රීන් කණ්ඩායම සමඟ පැවති තරගයේදී හසිනි පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට පන්දු ඒවර් 20 තුළ මේ යොවුන් ක්‍රීඩිකාවන් ලබා දුන්නේ කඩුලු 6 ක් දැවී ලකුණු 116 ක් පමණයි.හසිනි පෙරේරා ලබා ගත් ලකුණු 44 මත යැපෙමින් ලකුණු 100 ඉක්මවා රැස් කළ ග්‍රීන් කණ්ඩායමට එරෙහිව චමෝදි පන්දු ඕවර් 4 ලකුණු 18 ට සීමා කරමින් කඩුලු 2 ක් ලබා ගන්නට සමත් වුණා.මිතලි අයෝධ්‍යා පන්දු ඕවර් 2 ට ලකුණු 20 ක් සහ ලිමී තිලකරත්න පන්දු ඒවර් 4 ට ලකුණු 31 දී කඩුලු 2 ක් දවා ගැනීම හැරුණු විට රෙඩ් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ ඕවරයක ලකුණු සාමාන්‍ය ලකුණු 5 ට වඩා ලබා දුන්නේ චමොදි හේරත් පමණයි.ඇයගේ ඕවරයක ලකුණු සාමාන්‍ය 5.25 ක් ලෙස ඕවර් 4 ලකුණු 21 ක් දී එක් කඩුල්ලක් ද දවාගෙන තිබුණා.
පීලිතුරු ඉණිමේ දී දෙටු පන්දු යවන්නියන් ඉදරියේ කුඩා යොවුන් ක්‍රීඩිකාවන් පිිතිකරණයේ දක්වන දුබලකම යළිත් පැහැදිළි කරමින් පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 9 ක් දැවී ලකුණු 97 ක් රැස් කරගෙන තිබුණා.ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන අත්දැකිම් බහුලම මදවේග පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනී වඩාත්ම බලපෑම් ඇති කළ ක්‍රීඩිකාව වෙමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 7 ට සීමා කර කඩුලු දෙකක් ද දවා ගත්තා.


ඒ බලපෑම ඉදිරියේ නැවත නැඟී සිටින්නට ඉඩක් යෞවනියන්ට නොලැබුණ අතර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිණිය වෙමින් ඉතාමත් ලාබාල ක්‍රීඩිකාවක ලෙස කඩුල්ල පිටුපස හපන්කම් පාන නෙතගි ඉසුරාංජලී ලකුණු 14 ක් රැස් කරන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...