තනතුරට ආවේ වැටුප ගැන හිතලා නෙවෙයි. අවුරුදු 9ක් හිටියත් වාහන පර්මිට් ගත්තෙත් නෑ – කබ්රාල් (VIDEO)

Date:

තමන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරය බාරගත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව රට වෙනුවෙන් වැඩකිරීම සඳහා මිස එහි වැටුප ගැන සිතා නොවන බවත් තම වෘත්තීය සුදුසුකම් අනුව බලනකල තමන් දැනට ලබාගන්නේ ඉතාම අඩු වැටුපක් බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එසේම තමන් මීට පෙර වසර නවයකට ආසන්න කාලයක් මහබැංකු අධිපති තනතුරේ කටයුතු කළත් අවම වශයෙන් තමන්ට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය හෝ ලබා නොගත් බවයි ඒ මහතා සඳහන් කළේ.

“මම මහ බැංකුවේ අධිපති හැටියට අවුරුදු 9ට කිට්ටු කාලයක් වැඩ කෙරුවා. මම අවුරුදු 40ක පළපුරුද්දක් තියෙන වරලත් ගණකාධිකාරීවරයෙක්. මම මහ බැංකුවේ වැඩකෙරුවේ රුපියල් 70,000කට මාසෙකට. මම හිතන්නෙ නෑ පාස් අවුට් වෙච්ච එකවුන්ටන්ට් කෙනෙක්වත් ඒ මුදලට වැඩ කරයි කියල. අවුරුදු 7ක් ඒ මුදලට වැඩකෙරුවා. මම පස්සේ තමයි දැක්කේ මගේ පත්වීමේ ලිපියේ තියෙනවා මට විශ්‍රාම වැටුපක් තියෙනවා කියලා. අවුරුදු 4කට පස්සේ මම ඇහුවා එවකට හිටපු අධිපතිවරයාගෙන් මට මෙහෙම ලිපියේ තියෙනවා මට ඒක ගෙවීමක් කරනවා ද කියල. එතකොට එතුමා මට ලියලා එව්වා. අපි මේ ගැන හොයලා බලලා දන්වන්නම් කියලා. ඊට මාස කිහිපයකට පස්සේ මට දැන්වුවා මේක ඔබතුමාට ගෙවන්නට සුදුසු නෑ කියලා. ගෙවන්නේ නෑ කිව්වා. මම එතැනින් ඒ විෂය අයින් කෙරුවා. එතැනින් එහාට මම කතා කෙරුවේම නෑ. මම ඒකට ලිපියක් ලිව්වෙත් නෑ. මම දේශපාලන පළිගැනීම් ඒකකයට කිව්වෙත් නෑ. මට ඒක අදාළ වුණේම නෑ. ඊට මාස කිහිපයකට පස්සේ මට දැනුම්දීමක් කරලා තිබුනා. විශ්‍රාම වැටුපක් මට ගෙවනවා කියලා. මම කිව්වා ගෙවන්න තියෙන එකක් මට ගෙවන්න මම ඒක බාරගන්නවා. ඒ වුනාට මම ආයෙමත් ඉල්ලීමක් කරන්නේ නෑ කිව්වා.

මම මහ බැංකු අධිපති විදියට අවුරුදු 9ක් වැඩ කරලා ඩියුටි ෆ්‍රී බලපත්‍රය ගත්තේ නෑ. මොකද මම ඒ වෙලාවේ හිටපු ස්ථාවරය තමයි ඩියුටි ෆ්‍රී බලපත්‍රය දෙන එක රටට බරක් කියලා. මට ගන්න තිබුණා. මට අරගෙන විකුණන්න තිබුණා. ඔය මිලියන දෙකහමාර වගේ නෙවෙයි. මට අරගෙන ඕන නම් විකුණන්න තිබුණා මිලියන 30කට ඒක. මම ගත්තේ නෑ. ප්‍රතිපත්තියක් අනුව.

මම දැනුත් මගේ වෘත්තියේ ඉහළම තලයක ඉන්න පුද්ගලයෙක්. නමුත් මම ඉහළම තලයක තියෙන වැටුපක් නෙවෙයි ගන්නේ. මොකද මට ඒ වැටුප අදාළ නෑ. මම මහ බැංකු අධිපතිවරයා හැටියට ඉඳල අස්වෙලා ගිහිල්ලා මම හිඟන්නෙක් වගේ හිටියේ නෑ. මට ඕන තරම් සල්ලි හම්බ කරන්න පුළුවන්. මම එක මාසෙකින්, මට අවුරුද්දක මහ බැංකු අධිපතිවරයා හැටියට හම්බකරපු සල්ලි මට හම්බකරන්න පුළුවන්. හම්බ කෙරුවා මම. මට පුළුවන්. මොකද මගේ වෘත්තියේ හැටියට ඒ වගේ වැටුපක් ඉල්ලන්න පුළුවන්. මම ඒක නිසා නෙවෙයි මේ වැඩේ කරන්නේ. මම මේක කරන්නේ ජනපතිවරයාගේ ඉල්ලීම අනුව මගේ රට වෙනුවෙන් මගේ ශක්තිය යොදවන්න ඕන නිසයි”

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත වත්කම්වල සුළු වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහබැංකුව සතු විදේශ සංචිත...

ඇල්ලේ බිහිසුණු බස් අනතුරක්. 15 දෙනෙකු මරුට !

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7...

Trendy Thursday: ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් ලෙස නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Giorgio Armani” නික්ම යයි!

සටහන – පුලී සැප්තැම්බර් 04, කොළඹ (LNW): ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් වන...

පැරිසියේදී සෙලෙන්ස්කි සහ බටහිර නායකයින් අතර සාකච්ඡා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාව සමඟ සාම...