මේ ජනවාරියේ කොයි මොහොතක හෝ ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන් – ඇමති ගම්මන්පිල

Date:

මේ ජනවාරි මාසය තුළ කොයි මොහොතක හෝ මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“දැන් මේ තෙල් සපයා ගැනීමේ ප්‍රශ්නයකට වඩා තියෙන්නෙ මේ නැව් තොගවලට අවශ්‍ය මුදල් ගෙවා ගන්න එක. සමහර වෙලාවට නැව් ඇවිල්ලා නැව් දෙක තුන වරායේ රැඳිලා ඉන්නවා. අපිට අපේ සබඳතාවයන් අනුව පුළුවන් වෙලා තියෙනවා ණයවර ලිපි අරින්නෙත් නැතුව, මුදල් ගෙවන්නෙත් නැතුව නැව ලංකාවටම ගේන්න. ගෙනාපු නැවත් දහස් 7 – 8 බලාගෙන ඉන්න වෙනවා අපි ඩොලර් ටික එකතු කරලා දෙනකල්.

වරක් අපි චීනෙන් ණයක් ගත්තා, ඩොලර් මිලියන 300 යි. ඉන්දියාවෙන් ණයක් ගත්තා, ඩොලර් මිලියන 400 යි. බංගලිදේශයෙන් ණයක් ගත්තා, ඩොලර් මිලියන 250 යි. මේ එකක්වත් මාසෙකට තෙල් ගේන්න ප්‍රමාණවත් නෑ. අපට මාසෙකට මේ දිනවල තෙල් ගේන්න යනවා ඩොලර් මිලියන 400ක්. සමහරු මගෙන් අහනවා ඔබ ඉන්දියාවෙන් ඉල්ලුවා නේද ඩොලර් මිලියන 500ක්, ඒක ලැබෙයි නේද කියලා. ඔව් ඔව් ලැබෙනවා, හැබැයි යන්තම් මාසෙකට තමයි ඒක ප්‍රමාණවත් වෙන්නෙ.

ඉතින් මේ එන්න එන්නම උඝ්ර වන අර්බුදය හමුවේ මට වෙනදා දුන්නු සහතිකය අද දෙන්න බෑ. ඒකයි කියලා දැන් දුවලා ගිහිල්ලා තෙල් ගහගන්න අවශ්‍ය වෙන්නෙ නෑ, ඉදිරි දිනවලට තියෙනවා. නමුත් හරිම අමාරුවෙන් යන්නෙ. තෙල් අවසන් වේගෙන යනකොට තමයි ඊළඟ නැව ගෙනල්ලා යන්තම් අපි දාගන්නෙ. අර තොග පවත්වා ගැනීමේ හැකියාව බරපතළ ලෙස පහත වැටිලා තියෙනවා. ඒක නිසා ජනවාරි මාසෙ තෙල් හිඟයක් කොයි මොහොතක හෝ ඇතිවීමේ අවදානම තියෙනවා”

කෙසේවෙතත් එම අවදානම මඟහරවා ගැනීම සඳහා සියලු උත්සාහයන් දරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...