*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ජනපති සමාවෙන් එළියට ආ අය යටතේ පාලනය වෙමින් සිගරට් බී ක්‍රීඩකයින් පෝරකයට නැංවීමේ නාටකය

විනය හේතුමත දඬුවම් පැන වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාගේ තහනම ඉවත්වීම ගැන මේ වන විට සමාජ මාධ්‍යජාල හරහා විවිධ විවේචන ඉදිරිපත් වෙමින් ඇත.සිගරට් බීම,ඔවුන් අතරින් යමෙක්ගේ ආගම ආදි ලෙස කරුණු මවා පාමින් මේ විවේචන එල්ලවෙමින් ඇත.හොඳටම ක්‍රිකට් ගැහැව්වත් විනයක් නැති එවුන්ට ක්‍රිකට් ගසන්නට නොදිය යුතුය යන්න ඒ සමහරක් මතු කරන තර්කය ද මරු ය.

කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැන කියා ඇත්තේ හොඳ කල්ක්‍රියාව නිසා සමාව ඉක්මණින් අවසන් කරත්,නැවත වරදක් කළහොත් ජීවිතාන්තය දක්වාම තහනම දික්වෙනු ඇති බවය.තහනම ඉවත්වීම නොව ලංකාවේ ඊනියා සදාචාරසම්පන්න සමාජය පිනවන්න දුන්න දඬුවම බරපතලය.ජෛව බුබුල කඩාගෙන ගිය ක්‍රීඩකයින්ට අසල්වැසි ඉන්දියාව ද රෝහිත් ෂර්මා වැන්නන්ට ද ඊට පෙර දඬුවම් කර තිබිණ.එම සිද්ධිවලට වඩා මෙහිදී දුටු දර්ශන පැහැදිළි කළේ ඔවුන් සිගරට් පානය කරන බවය.ඇතැම් විට දුර රූප රාමුවකට අනුව අයෙක් බියර් ද පානය කරන බවට සැක කළ හැකි දර්ශණ ද දුටුවේය.ලොකුම ගැටළුව වූයේ මේ සිගරට් සහ බියර් ය.සමහරු හොඳට මත් වී පැමිණ අපේ සදාචාරය ගැටයක්ව ගෙන ඒ තිදෙනා එල්ලා මැරිය යුතු බවට දිග හෑලි ලියන්නට වූයේය.

මෙසේ ලියමින් ඔවුන් කියන එක කතාවක යටි පෙළ මෙසේය.අපිට ෂොට් එකක් දාගෙන ආතල් එකේ විඳින්න සතුටුවෙන්න තියෙන්නෙ ක්‍රිකට් විතරයි.උඹලා ඒ සතුට වෙනුවෙන් උඹලා උඹලගෙ ජීවිතේ ආතල් සුන්නත්දූලි කරගෙන හරි අපේ ආතල් එක දීපං.උඹලා කාලා බිලා මැච් පැරදුණොත් අපේ ආතල් කුඩු.
තේරෙන සරල ව්‍යවහාරයේ කියන්නේ එහෙම කතාවක් නොවේද? ආගමට අනුව අපි ලෝකයට සුරාපානය කරන බව නොපෙන්විය යුතුය.දුම්බොන බව නොපෙන්විය යුතුය.ජාතික ප්‍රතිපත්තියක් ලෙස කරටි කැඩෙන්න ගසා චිත්‍රපට ටෙලි නාට්‍ය නරඹන්නෝද ඒවායේ බීම,දුම්බීම නොපෙන්වීම ගැන උදම් අනති.ඒවා රටේ සදාචාරයට අදාළය.මිනිස්සු කොණ්ඩමයක් ගන්න පැකිළෙන තරමට ලැජ්ජා බය ඇතිව ආගමෙන්,පුහු සදාචාරයෙන් හික්මවා තිබෙන සංස්කෘතිය විසින් මිනිස්සුන්ට කියන්නේ දේවල් කරන්න එපා කියාම නෙමේය.නොපෙනී කරන්නටය.


මේ විරෝධ බොහෝ විට හමුවන්නේ සමාජ මාධ්‍ය ජාලවලින්ය.ඒවා ලකුණු කරගන්න හැකි දේශපාලන ලකුණු වූ විට පොඩි වටිනාකමක් දී ඒවාට වටිනාකමක් දීම දේශපාලන උප්පරවැට්ටිය.ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රමානය ඉක්ම වූ තහනම එවැනි උප්පරවැට්ටියක්ය.


හැබැයි මේ ක්‍රීඩකයන් දංගෙඩියට කැඳවා ගෙන යන්නට උත්සාහ දරන අය සමහරක් නීතිය සැමට සමව බෙදන්නට පත්කළ ගෞරවණීය සභාවේ මුල් පුටුව දරන ඥාණසාර හිමිට පක්ෂය.උන්වහන්සේ ජනපති සමාවෙන් සිරදිවිය අවසන් කළේ සිරගතව සිටි මුලු අවධියම රෝහලේ ගත කිරීමෙන් ඉනික්බිතිවය.දුමින්ද සිල්වා ද ජනපති සමාව එනතෙක්ම ගත කළේ බන්ධනාගාර රෝහලේය.මේ කරුණු දෙකම ගත්ත ද ඔවුන් යම් මොහොයවන්නට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොමැති බවට තර්කයක් මතු කළ හැකිය.ඒත් ඒවා ගැන විරෝධය නැත.


නීතිය සුරකින ආයතනවල නිතීයට අවනතව හැසිරෙන්නට නොදන්නාකම ඥාණසාර හිමිට හිරේට යන්නට වූ එක සිදුවීමක්ය.පාටචාරාවන්ට බුදුහිමි පිහිට වූ අයුරු ගැන දම් දෙසුම් ඇසෙන භූමියක,ඒවා දෙසන හිමිවරුන්ගේම සිවුරෙන් සැරසී උන් වහන්සේ සිය සැමියා නැති සොවින් හඬන ගැහැණියකට අපහාසාත්මකව කතා කළේය.ඇය සාධාරණය ඉල්ලා පටාචාරාව බුදුහිමි ළඟට ගිය අයුරෙන් ස්වාමීන්වහන්සේලා ළඟට නොගිය හේතුව සහ සැකය ඥාණසාර හිමිගේ හැසිරීමෙන් හොඳින් පැහැදිළි කර දුන්නේය.වෛරය,ද්වේශය වපුරමින් සමාජය නිවන්නාගේ භූමිකාව වෙනුවට අවුලන්නාගේ භූමිකාව කළ ඥාණසාර හිමියෝ නීතිය විසින් සිරගත කළහ.


නමුත් චීවරධාරීන් සහ දේශපාලනඥයෝ යන මේ සමාජය යහපත් කරන්නට සටන් රන බව පෙන්වන මිනිස්සු සටනක් කර අවසානයේ ජනපති සමාව යටතේ ඒ හිමියන්ව දඟගෙයින් එළියට ගත්හ.එතැනින් නොනැවතී ජනපති පත්වීමක් මඟින් මේ රටේ වෙනස් සැළකීම් සහ නීතියේ වෙනස්කම් පැවතිය යුතු බව විශ්වාස කරන අන්දමේ සටන් කළ ඥාණසාර හිමියෝ එක රටක් එක නීතියක් යන සංකල්පය පන ගන්වන සමාජ ක්‍රියාවලියට නායකත්වය දෙන්නට පත් කළඝ කමිටුවේ සභාපති වූහ.ඒ ගැන ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරම් විරෝධයක් නැත.


දුමින්ද සිල්වා ජනපති සමාව යටතේ එළියට ආහ.අද ආයතන ප්‍රධානියෙක්ය.නීතියෙ ආධිපත්‍යය යටතේ ඔහු සිරගෙදර රෝහලේ සිටියේ මොළයට සිදු වූ හානි හේතුවෙන්ය.නමුත් ඒ මොළයේ හානිය පසෙක ලා ඔහු සභාපතිවරයෙක් කර ඇත.තමන්ට සේවය කරන්නේ මොළයේ ප්‍රශ්නයක් ඇති අයෙක්වීම සිගරට් බී ක්‍රීඩකයන් ක්‍රිකට් ගැසීමට තරම් විරෝධයක් ඇති කරන්නට කාරණයක් නොවේය.ඔහු මරණ දඪුවම ලැබුවේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන්ය යන්න ද ඊට අදාළ නැත.


ජනපති සමාවක් යටතේ එළියට පැමිණි විට ඔහු නිදහස්ය.නමුත් එය අධිකරණයකින් නිදොස් කර ලබාදෙන නිදහසක් නොවේය.තාර්කිකව ගත් විට අධිකරණයකින් පැන වූ නීතිමය දණ්ඩනයක් අතරමඟ නවතන්නට ජනපති සිය මුක්තිය භාවිතා කිරීමකින් ලැබුණු නිදහසක්ය.ජනපිතිට අධිකරණ ක්‍රියාදාමයකට මෙපිටින් සිට එය හසුරුවන්නට තියෙන අයිතිය සදාචාරාත්මකදැයි යන ප්‍රශ්නය සාකච්ඡාවට ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින් සිගරට් බීම තරම් සමාජයට අදාළ නැත.


මේ කාරණා සම්පූර්ණයෙන් දේශපාලනිකය.අපට ක්‍රිකට් තරගයක් පෙන්වා අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට බලපාන බොහෝ දේ කළ හැකි බව දේශපාලකයා ඉගෙනගෙන ඇත.ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා අප සමාජය සහ මනුස්ස සුබ සාධනයට අදාළ කාරණාත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරන නීතියත් වැනි කරුණු ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ කවුද යන්නට පහළින් තබා ඇත.සාමාන්‍ය ජනමතය බවට කලෙකට ඉහතිදී තිබූ දෙයක් සිහියට නැඟෙන්නේය.බඩු මිළ වැඩි කිරීම,ඒ වගේම අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස සීමා කරන යම් කරුණු සමාජගතවන්නේ උද්යෝගීමත් ක්‍රිකට් තරගාවලි අතරතුර බව ඒ ජනමතය ය.
ඉතිං අපට දැන් අවුලකට ඇත්තේ දුමින්ද සිල්වා හෝ ඥාණසාර හිමිට ලබා දුන් වගකීම නොවේය.අපිට පිට්ටනියේ කුසල් මෙණ්ඩිස්,ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල දැකීමය.ඔවුන් බී සිගරට් එක අළු බවට පත් වී ඇතත් තවමත් එම අළුමතම දඟළන බොහෝ අයට තමන්ව සුරක්ෂිත කරන ප්‍රජාතන්ත්‍රවාදයට පසෙකින් ගිණි තබා තිබෙන බව නොදන්නේය.


තමන්ගේම නියෝජනයක් වන පාලකයාට ඇති ළඟකමට වඩා ක්‍රිකට්වලට ඇත්තටම අපි දුරෙන් සිටින්නෙමු.නමුත් එම දුර සහ ළඟ දේශපාලනමය මායාවකින් වෙනස් කර පෙන්වා ඇත.දැන් අපට ක්‍රිකට් ළඟය.ප්‍රජාතන්ත්‍රවාදය දුරය.අපට රිදෙන්නේ ක්‍රිකට් ගැන දෙයක් වූ විටය.එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයට දෙයක් වූ විට එයට දැනෙන්නේ අඩුවෙන්ය.ඥාණසාර හිමිගේ නීතිය යටතේ,දුමින්ද සිල්වාගේ සභාපතීත්වය යටතේ සංවිධානය වී මෙණ්ඩිස්ලාට නෙලන සමාජයක අපි සාමාජිකයන් වී සිටින්නෙමු.වඩා අපට බලපාන්නේ මෙණ්ඩිස්ලාගේ දුම්වැටිය ද නැත්නම් ඥාණසාර හිමිගේ සහ දුමින්ද සිල්වාගේ පත්වීම හරහා සිඳුවන බලපෑම ද?දවසක මුරුත්තේට්ටුවේ හිමිගේ කුලපතිකම හරහා හැඳුණ සංස්කෘතිය කුමන පක්ෂයක් බලයට ආවද අඩුම ගාණේ මට කුලපතිකමක්වත් දෙන්න යැයි අපේ අධ්‍යාපනයේ වටිනාකම දේශපාලන ආධාරකරුවන්ගේ වින්දනය උදේසා කැප කර තිබෙන බව හෝ හිතෙන්නේ නැද්ද?


අපිට ඊට වඩා ක්‍රිකට් වටිනා දෙයක් බවට පත් කරන්නේම අපේ ඇත්ත වටිනාකමට දේශපාලනිකව පහර දී අපේ නැගීටීම් අඩපන කරන්නට සහ හඬ යටපත් කරන්නටය.මැච් එක බලන ගමන් අපි දේශපාලන මැච් එකක පිටිය මැදට පිත්තකින් තොරව කැඳවා දේශපාලනය විසින් බවුන්සර් යොමු කරමින් තිබෙන බව අවබෝධ කරගත යුතුව ඇත.ඔබ නොදැනීම මේ ක්‍රියාවලිය තුළ සුවිශාල චරිතයක් ගරු රඟපෑමක් ලෙස ඉටු කරමින් සිටින බව අවබෝධ කරගන්න.

රණසිංහ මුදියන්සෙ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan