නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වසර අවසාන දූෂිත සාදය – සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් පරීක්ෂණයක්!

Date:

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ Secret Santa නමින් පසුගිය වසර අවසානයේ එනම දෙසැම්බර් 16 වැනි දින කඩුවෙල ප්‍රදේශයේ පිහිටි River Edge නම් හෝටලයේදී සාදයක් පවත්වා තිබේ.

සාමාන්‍යයෙන් ආයතනයක මෙවැනි වසර අවසාන සාදයකට සාතිශය බහුතරයක් සහභාගී වුවද මෙයට සහභාගී වී ඇත්තේ 28දෙනෙකු වැනි සුළු පිරිසක් වන අතර එයට ආයතනයේ සභාපති හෝ අධ්‍යක්ෂ සහභාගී වී නොසිටීම විශේෂත්වයකි.

කෙසේවෙතත් රෝහලේ තවත් ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු එහි මුලසුන ගෙන සිට ඇත.

මෙය දූෂිත සාදයක් බවට අවසානයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළින්ම විරෝධය පැන නැගී තිබෙන අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල සුරැකීමේ සංවිධානය විසින් මේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාට ද පැමිණිලි කර තිබේ.

සාදයේ මුවාවෙන් රෝහලේ සභාපතිගේ සහ අධ්‍යක්ෂකගේ නම් විකුණා සංවිධායක මඩුල්ල විසින් බාහිර පාර්ශවයන්ගෙන් මුදල එකතු කර ඇති බවටයි එම සුරැකීමේ සංවිධානය චෝදනා කර සිටින්නේ.

සාදයේ සංවිධායකවරු ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වලට මුදල ලබා ගෙන ඇති බවත් මෙහිදී විශේෂයෙන් මිලදී ගැනීමේ අංශයේ ප්‍රධානියාගේ මාලබේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඇති ගිණුමට විශාල මුදල ප්‍රමාණයක් බැර කර ගෙන ඇති බවටද නෙවිල් ප්‍රනාන්දු රෝහල සුරැකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ දක්වා තිබේ.

රෝහලේ ඉහළ පරිපාලනය පවා රවටමින් කණ්ඩායමක් විසින් රෝහලේ කීර්ති නාමයට ද හානි වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති හා අධ්‍යක්ෂ සහ අල්ලස් හා දූෂණ මර්දන කොමිෂන් සභාව වෙතද දැනුවත් කිරීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල සුරැකීමේ සංවිධානය ක්‍රියා කර ඇත.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිදුව ඇති බව කියන මෙම දූෂිත සාදය සම්බන්ධයෙන් අප එහි ඉහළ පාලනාධිකාරියෙන් විමසීමක් කළ අතර එහිදී ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ එවැනි දූෂිත සාදයක් සිදුව ඇති බවත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් යොමු වී ඇති බවත් ඒ ගැන විමර්ශනයක් සිදුවන බවත්ය.

ඒ අනුව එම විමර්ශනය ගැන ඉදිරියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුවත් කරනු ඇති බවත් ඉහළ පාලනාධිකාරිය සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...