කමිල් මිෂාරට කොවිඩ් – එක්දින තරගාවලිය අවදානමේ?

0
227

ලබන 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ වනවිට ඔහු හුදෙකලා කර සිටින බවයි.

කොවිඩ් රෝග ලක්ෂ පහළවීම හේතුවෙන් මිෂාර පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු කරගෙන තිබෙනවා.

දින කිහිපයක සිට ඔහු රෝගී තත්වයෙන් පෙළීම නිසා සංචිතයේ සෙසු ක්‍රීඩකයන්ගෙන් වෙන්කර තබා ඇති අතර මේ නිසා සෙසු ක්‍රීඩකයන්ට වෛරසය බෝවීමේ අවදානමක් නොමැති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. දැනට සංචිතයේ ක්‍රීඩකයන් රැඳී සිටින හෝටලයේම කමිල් මිෂාර හුදෙකලා කර ඇති අතර ඉදිරියේදී ඔහු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.

ඒ අනුව දැනට එක්දින තරගාවලිය සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here