රාජපක්ෂ පස්ස ගහයි

0
489

භානුක රාජපක්ෂ ස්වීය සමුගැන්මේ තීරණය වෙනස් කර තිබෙන බව වාර්තා වේ.ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවීමෙන් අනතුරුවය.

ඔහු ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නියැදි අසාමාන්‍ය ලෙස වෙනස් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවට විශාල ප්‍රචාරනයක් ගෙන ගිය අතර නමුත් අමාත්‍යවරයා හමුවීමෙන් ඒ සම්බන්ධයෙන් වෙනසක් වී නැත.

වෙනත් රටවල 20/20 තරගවලට සහභාගිවීම වැළක්වීමට ද නීති ගෙන ඒමට ක්‍රිකට් පරිපාලනය කටයුතු කළ අතර භානුක ඉල් අස්වීමෙන් ඉවත්වීම හරහා එම අවස්ථාව පමණක් ඔහුට හිමිවනු ඇත.

අමාත්‍යවරයාගෙ මුණ ගැසීමෙන් පසුව සිදු වී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ පදයට නටන්නට භානුකගේ එකගතාවය ලැබීම වන අතර,ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නම් කරන ලද කණ්ඩායමට හෝ ඇතුළත් කර නැත.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here