ඉවසලා ඉන්න කන්න දෙක තුනක් ගියාට පස්සෙ කාබනික ගොවිතැන සාර්ථක වෙනවා සත්තයි ! – මහින්දානන්ද

Date:

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රමවත් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙලක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. එම අරමුණ ඉටුවන තෙක් කුමන හේතුවක් මත හෝ කාබනික ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

මෙම කන්නයේදී ඇති වූ අඩුපාඩු මගහරවා ගනිමින්, ගැටලු විසඳා ගනිමින් එළඹෙන කන්නයේදී කාබනික වගා ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට හැකිවනු ඇති බවටද කෘෂිකර්ම ඇමතිවරයා විස්වාසය පළ කරනවා.

ලෝකයේ මත්කුඩු හැරෙන්නට අනෙක් ප්‍රධානතම මාෆියාව රසායනික පොහොර බව පෙන්වා දෙන අළුත්ගමගේ මහතා පවසන්නේ මේ නිසා කාබනික පොහොර ව්‍යාපෘතිය ආපසු හැරවීමට රසායනික පොහොර සමාගම් විශාල ලෙස මුදල් යොදවන බව සඳහන් කරනවා. කෘෂිකර්ම අමාත්‍යංශයට සහ ආණ්ඩුවට හැප්පීමට සිදුව තිබෙන්නේ බිලියන 100 ක මුදලක් සමග බවද ඔහු පවසනවා.

සියලු දෙනාගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් කාබනික වගාව සාර්ථක කරගත හැකි වනු ඇති බවත්, තවත් කන්න කිහිපයක් යනවිට එහි සාර්ථක ප්‍රතිඵල සියලු දෙනාටම භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පවසනවා. එතෙක් බාධා සිදු නොකර, සියලු අපහසුතා ඉවසා දරාගෙන සිටින ලෙස මහින්දානන්ද අළුත්ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...