*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දිනන්නත් තිබුණ ද මන්ද…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය හමාර වූයේ ඉන්දියාවට කඩුලු හතරක ජයක් හිමිවෙමින්, තරගාවලියේ ජයග්‍රහණය ද ඉන්දියාවට හිමිකර දෙමින්ය.පළමුව පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 215 ට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූයේ දඟ පන්දු යවන්නන්ගේ ආක්‍රමණයත් සමඟය.පළමු කඩුල්ලට ලකුණු 29 ක් එක් වූ අතර අවිශ්ක ප්‍රනාන්දුගේ ලකුණු 20 ක ඉණිම එතැනදී නිමා විය.එතැන් පටන් කුසල් මෙණ්ඩිස් සහ ඊයේ එක්දින වරම් ලැබ ඉණිම ඇරඹූ නුවනිඳු ප්‍රනාන්දු දෙවන කඩුල්ලට ලකුණු 73 ක් එකතු කළේ පන්දු ඕවර් 10 දී ය.

කුසල් දඟ පන්දු යවන කුල්දීප් යාදෙව්ගේ සපැමිණිමත් සමඟ දැවී යන්නේය.කුල්දීප්ගේ ප්‍රවේශය තරගයේ හැරවුම් ලක්ෂය වූ අතර ඔහු සාරථකම පන්දු යවන්නා වෙමින් ලකුණු 51 ට කඩුලු තුනක් දවා ගත්තා පමණක් නොව තරගයේ වීරයා ද විය.
මොහොමඩ් සිරාජ් ද කඩුලු තුනක් ලකුණු 30 ට දවා ගත්ත ද කුල්දීප් හමුවේ දැවී ගියේ කුසල්,චරිත් හසලංක සහ දසුන් ශානක වැනි තීරණාත්මක කඩුලුය.ඊයේ එක්දින වරම් හිමිවීම සාධාරණ බව සනාත කළ නුවනිඳු ප්‍රනාන්දු අගනා අර්ධ ශතකයක් රැස් කළේය.ඔහු ඉතාම හොඳින් පන්දුව දකිමින් සිටියදී දුවද්දී දැවී ගියේ ඔහුගේ ඉක්මන් වීම නිසා මෙන්ම චරිත් හසලංකාගේ අලසකම නිසා සහ වඩාත් අවශ්‍යය කඩුල්ල ලෙස නුවනිඳු තෝරා ගෙන පරිත්‍යාගශීලී නොවූ නිසාය.එසේ නොවුණානම් නුවනිඳු සිටි රිද්මය සමඟ අඩුම තරමේ ශ්‍රී ලංකා ඉණිම 250 දක්වා හෝ රැඟෙන යන්නට ඉඩ තිබිණ.එසේ වූවේනම් සමහර විට තරගයේ ප්‍රතිපලය පවා වෙනස් වන්නට තිබිණ.


දෙවන වරටත් වගකීම් සහගත බව පෙන් වූ පිතිකරණයක යෙදෙමින් කඩුල්ල රැක ගනිමින් පසුපෙළ සබඳතාවයකට දායකවෙමින් කසුන් රාජිත තෙරගයේදී නොදැවී ලකුණු 17 ක් ලබා ගැනීමට සමත් විය.ඔහු කඩුලු 8 ට ලකුණු 177 ක් ව තිබියදී පිටියට පිවිස නවවන කඩුල්ලට දුනිත් වෙල්ලාලගේ (32) සමඟ නව වන කඩුල්ලට ලකුණු 38 ක සබඳතාවයක් පැවත්වීය.මුල් අංක තුනේ පිතිකරුවන්ගෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩිව දුර්වල වූ අතර ඒ නිසා පන්දු ඕවර් 39.4 ක් තුළ සියල්ලෝ දැවී ගියහ.


පිළිතුරු ඉණිම ඉතා ඉක්මණින් ශ්‍රී ලංකා ලකුණු ගණනට සමීප වීම අපේක්ෂාවෙන් ඇරඹි බවත් පෙණුන ද,චාමික කරුණාරත්න පන්දු යැවීමට කැඳවීම සමඟ රොහිත් ෂර්මාට සිඳු වුයේ ක්‍රිඩාගාරයට ගොස් අසුන් ගන්නටය.එතැන් සිට ඉන්දීය ඉණිම වේගය අඩාල වන්නටත් කඩුලු අහිමි වන්නටත් පටන් ගත්තේ ලකුණු 215 ක සීමාව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිඩකයන්ගේ සිත තුළ බරක් ඇති කරමින්ය.


ලකුණු 86 ක් වන විට ඉන්දියාවට කඩුලු හතරක්ම අහිමි වී තිබියදී නොදැවී ඉන්දීය ජයග්‍රහණය සහතික කිරීමේ ඉණිම දියත් කළ කේඑල් රාහුල් (64) සහ හාර්ඩික් පාන්ඩයා (36) සඳහා පස්වන කඩුල්ලට ලකුණු 75 ක් එක් කරන්නට දසුන් ශානකගෙන් යම් බුරුලක් ලැබිණ.පන්දු යවන්නන් යෙදවීමේ දී එම ලකුණු 75 ගොඩ නැඟුණු පන්දු ඕවර් 20 ක පමණ කාලයේ දී චාමිකව නැවත කැඳවා අත්හදා නොබැලුවේය.චාමික පන්දු යැවීමට පැමිණි පසු පාණ්ඩයාගේ ඉණිම නිමා වූ අතර පන්දු යවන්නන් යෙදීමේදී දසුන් මෙම තරගයේදී ද යම් අර්බූදයකට ලක් වූ බව පෙණින.
කඩුලු නොලැබුණ ද සිය පන්දු ඕවර් 10 ලකුණු 28 ට සීමා කරන්නට වනිඳු හසරංගට තණතීරුවෙන් සහය ලැබෙද්දී දුනිත් වෙල්ලාලගේ අසාර්ථක විය.නමුත් ධනංජය යම් පාලනයක් සහිතව පන්දු යැව්වද ඔහුගෙන් පන්දු ඒවර් තුනකට වඩා සහයෝගයක් ගන්නට දසුන් ඉදිරිපත් නොවීය.පන්දු යවන්නට මහේෂ් තීක්ෂණ සිටිය යුතුව තිබුණ බව මෙම තරගයේදී ද දැක ගන්නට ලැබුණු අතර විශේෂයෙන් නව පන්දුවෙන් දඟ පන්දු යැවීමට ඔහුට ඇති හැකියාව එසේ වූවේනම් ප්‍රයෝජනවත් වන්නට තිබිණ.නමුත් පන්දු ඕවර් 10 යවමින් කණ්ඩායමට සහය දී ඇති පන්දු යවන්නෙක් වන ධනංජය මීට වඩා යොදා ගන්නට තිබුණු බව දසුන්ට බැහැර කළ නොහැකිය.
ලකුණු 161 දී ඉන්දියාවට කඩුලු 5ක් අහිමිව තිබියදී විස්සයි විස්ස තරගාවලියේ වීරය වූ,මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ගරු සරු නොදක්වන අක්ෂාර් පටෙල් පන්දු 21 දී ලකුනු 21 ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහරක් ද සමඟින් ය.රාහුල් සමඟ ලකුණු 30 ක් වූ එම සබඳතාවයෙන් ඉන්දියාවට නව පණක් ලැබුණු අතර ලකුණු 191 දී හයවන කඩුල්ල වැටිමෙන් පසු කුල්දීප් යාදෙව් ද පීඩනය තමන් වෙතට එන්නට නොදී පාලනය කර ගනිමින් ලකුණු 10 ක් පන්දු 10 දි එකතු කළේ හතරේ පහර දෙකක් ද සමඟය.
සැබවින්ම ඉන්දීය ඉණිම ඇරඹෙන්නට පෙර ලකුණු 215 ක් තරම් කුඩා ලකුණු ප්‍රමාණයකට ඉන්දීය පිතිකරු බල ඇණිය මෙතරම් පීඩාවකට පත් කරන්නට හැකිද යන්න සිතා ගන්නටවත් නොහැකි මට්ටමේ විය.නමුත් තරගය නිමාවන විට දසුන් ශානක පන්දු යවන්නන් වෙනස් කිරීමේදී ගත් යම් යම් තීරණ නොවන්නට තරගය දිනන්නත් තිබුණා වැනි හැඟීමක් සිතට දැනෙන්නට පටන්ගෙන තිබිණ.ඒ නිසා ඉන්දියාවට අභියෝගයක් එක් කළ හැකි කණ්ඩායමක් බව සහතික කිරීම ගැන අහිංසක සතුටක් තබා ගන්නට හැකි පරාජයක් බවට දෙවන පරාජය ද පත් වූ අතර එයින් තරගාවලියම ඉන්දියාවට පැවරිණි.

ලකුණු පූවරුව https://www.espncricinfo.com/series/sri-lanka-in-india-2022-23-1348629/india-vs-sri-lanka-2nd-odi-1348644/full-scorecard

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan