හෙට ලංකාවෙ ක්‍රිකට් කෙල්ලන් ලෝකය ජය ගන්න පිටියට

Date:

පළමු වරට පැවත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට හෙට (ජනවාරි 14 වන දා) ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට සූදානමින් සිටියි.ඔවුන්ට හමුවන පළමු ප්‍රතිවාදිනියන් වන්නේ ඇමෙරිකා අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවෝය.කණ්ඩායම් 16 ක් කාණ්ඩ හතරක් යටතේ තරග වඳින මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන කණ්ඩායම් අට අතරට ඒමට එරෙහිව අභියෝග කරන්නට සිය කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් දෙක වන්නේ බංගලාදේශය සහ ඕස්ට්‍රේලියාවය.බංගලාදේශය පුහුණු තරගවලදී ඉන්දියාව ද පරාජය කර තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සියල්ලම සෑම තරගයකදීම සිය උපරිමය දැක්වීම අනිවාර්ය වේ.
තරගාවලියේ පූර්ව සූදානම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පුහුණු තරග සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සටන් වැදිණ.එහිදී ශ්‍රී ලංකා පිතිකාරිණියන් ලකුණු 96 කට සිය පන්දු වාර 20 තුළ සිමා වුවත්,පන්දු යැවීමේදී ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 38 ට සීමා කළේය.මෙහිදී නෙත්මි සේනාරත්න පන්දු 55 දී ලකුණු 53 ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා නායිකා විශ්මි ගුණරත්න පන්දුවට පහර දුන්නේ නැත.පන්දු යැවීමේදී දෙව්මි විහංගා ලකුණු 4 ට කඩුලු 3 ක් සහ විදුශිකා පෙරේරා ලකුණු 5 ට කඩුලු තුනක් දවා ගත්තේය.
දෙවන පුහුණුවීම් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මුණ ගැසුණේ ස්කොට්ලන්තය ය.මෙම තරගයේදී ද දෙව්මි සහ විදුශිකා පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් පෙන් වූහ.දෙව්මි ලකුණු 17 ට කඩුලු හතරක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක්ද සමඟින්ය.විදුශිකා ලකුණු 18 ට කඩුලු 3 ක් දවා ගත්තේය.ලකුණු 87 ට ස්කොට්ලන්තය සීමා වුණත් ශ්‍රී ලංකාවට යම් තර්ජනයක් ඇති කරමින් කඩුලු තුනක්ම ඩැහැ ගත්තද නායිකා විශ්මි ගුණරත්න සහ ඉන්දීය තරගාවලියේ දී කැපී පෙණුන මනුදි නානායක්කාර පිළිවෙලික් නොදැවී එකතු කළ ලකුණු 39 සහ සහ 17 සමග ශ්‍රී ලංකාවට පන්දු වාර 14 ක් තුළ කඩුලු තුනකට ලකුණු 91 ක් ලබන්නට හැකි වූයේ කඩුලු 7 ක් ජයක් සහතික කර ගනිමින් ය.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...