පාස්කු ප්‍රහාරයේ ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව ගැන කාදිනල් හිමිගේ විශේෂ ප්‍රකාශය! (VIDEO)

Date:

කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පන්තියේ හෝටල්වලට 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයට අදාළව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අද (13) කොළඹදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවිය යුතු වෙයි.

එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසුවේ රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුවිය හැකි වාතාවරණයක් අද උදා වී ඇති බවයි.

එම සත් සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් ලබා දුන් තීන්දුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට පමණක් නොව යුක්තිය හා සාධාරණත්වය අගයන සියලුම ජනතාවට වැදගත්වන ඓතිහාසික නඩු තීන්දුවක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...