යුක්තිය මෙහෙයුම දිගටම, ඊයෙත් (12) සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): 2024.01.12 දින පැය 0030 සිට 2024.01.13 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද යුක්තිය මෙහෙයුමේදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 22 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් පොලිසිය පවසයි.

මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 299g
අයිස් 172g 40mg
ගංජා 4kg 400g
ගංජා පැල 26075 ක්
ගංජා සුරුට්ටු 01 ක්
ඈෂ් 2g
මාවා 522g
තුල් 34g
මදන මෝදක 3kg
මත්පෙති 1233 ක්

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 37 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...