සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

ජනවාරි 13 වොෂින්ටන් DC LNW: 🎀ජපන් මුදල් ඇමති වි: නායක සජිත් හමුවෙයි. කබීර් ඉරාන් හර්ෂ ගොඩහේවා දොලවත්ත ඇතුළු පිරිස සමඟ ආර්ථිකය හදන වැඩ පිළිවෙල පහදයි.

🎀අධික වැසි නිසා විදුලි මණ්ඩලය රු බිලි 52 ක ලාබ ලබද්දී ජනතාව පිට මහා විදුලි බිලක් පැටවීමට එරෙහිව සජිත් ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

🎀වැට් ගහලා මිනිස්සු ප්fලැට් වෙලා ඉන්න අතරේ ආණ්ඩුවේ මැති ඇමතිලා ජනතා මුදලින් මුහුද මැද පාටි දැමීම නිර්ලජ්ජිතයි – සජිත්.

🎀ඇමෙරිකා – ඊශ්‍රායල ගැත්තෙක් වෙලා හූත් සටන්කරුවන්ට ගහන්න යන අපේ රටේ පාළකයො උගන්ඩා නොබැදි සමුළුවට යන්නෙ රෙදි ඇදගෙන ද. මොන නොබැඳී පිළිවෙතක් ද මේ – සජිත්.

🎀දූෂිතයන් රට කොල්ල කෑ දේවල් යළි අය කරගන්නේ නැතුව ජනතාව පිට ගහපු බද්ද වැට් නෙවෙයි දූෂිත බද්ද ලෙස නම් කරනවා –  සජිත්.

 🎀සජිත් හා ජලනි ගේ සක්වල යටතේ මොරපිටිය වීදියබණ්ඩාර විදුහල් දරුවන්ට බස් රථයක්. ජගත් විතානගේ මැදිහත්වීමක්.

🎀සජිත් හා මරික්කාර් ගේ උපන් දිනය දා කොළොන්නාව සෝමාවතී බාලිකා විදුහලටත් සුහුරුපංති කාමරයක්.

🎀 මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ටයේ හා මීගමුව  මංකුලිය ශා: අන්තෝනි රත්මලාන කොතලාවලපුර විදහල් දරුවන්ටත් ස්මාට් පංති කාමර ප්‍රතිලාභ.

🎀බදුල්ල දිසා සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමට හේතුවූ කරුණු ගැන විවිධ විෂම කතා පැතිරෙයි.

🎀චමින්ද වෙනුවට පාර්ලිමේන්තු එන නයන වාසලතිලක සජිත්ගේ බිරිඳ ජලනිගේ මස්සිනාය. LPL ක්‍රිකට් වල ගාල්ල ටයිටනික් අයිතිකරු හා ඔිස්ට්‍රෙලියාවේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු හා සජබට මාස්පතා විශාල මුදලක් පොම්ප කරන අයෙකු ලෙස ගැනේ.

🎀රට බංකොළොත් කළ අය අපි උසාවියෙදි ඔප්පු කලාම ආණ්ඩුව ඔවුන්ට දඩුවම් නොදී සමස්ත ජනතාවටම බදු හරහා දඩුවම් දීලා – කබීර් හෂිම්.

🎀රට හැරයන වෛද්‍යවරුන් ගැන පමාවී හෝ දිරි දීමනා දෙගුණ කිරීම අගයනවා. සෙසු සෞඛ්‍ය වෘත්තිකයන් ගැනත් රජයේ අවධානය වහාම යොමු විය යුතුයි – වෛද්‍ය රාජිත.

🎀බෙහෙත් වංචා හා දූෂණ රටට එළිකල නිසා ආණ්ඩුවේ උදහසට ලක්වූ වෛද්‍ය චමල් සංජීව සජිත් හමුවී සජබ සමග එකතුවෙයි.

🎀 මාළිමාවේ ප්‍රධානම ආර්ථික උපදේශක මහාචාර්යවරයා කියන්නේ ඔවුන්ගේ රජයක් යටතේ ලංකාව ලබාගෙන ඇති ඩො බිලි 12 ක ස්වෛරී බැඳුම්කර යළි නොගෙවන බවයි. හදුන්නෙත්කිත් එය අනුමත කලා. ඉන් වැටහෙන්නේ ඔවුන්ට ජාත්‍යන්තර දේශපාලනය හා ආර්ථික කටයුතු ගැන කිසිම අවබෝදයක් නැති බවයි – ආචාර්ය හර්ෂ.

🎀යුක්තිය මෙහෙයුම කරන්නේ තෝරාගත් ප්‍රදේශ වලයි. දෙමටගොඩ මෙහෙයුම නෑ. පොලිස් ලොක්කට සුබපතල පාතාලයො බැනර් දාලා – හිරුණිකා.

🎀ගිය ජනපතිවරණෙදි පාස්කු වගේ මේ පාර හූති සටන්කරුවන් පටලවාගෙන සමහරු ගේමක් ගහන්න හදනවා – මුජිබර්.

🎀රන්ජන් දුගී සිසු සිසුවියන්ට පරිඝණක සොයා දිගින් දිගටම විදේශ රටවල සංගීත ප්‍රසංග වලට සහභාගී වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...