sri lanka telecom හි ආයෝජනයට සමාගම් තුනකින් යෝජනා!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): sri lanka telecom ආයතනයේ මුදල් අමාත්‍යංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා ආයෝජකින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කටයුතු කර ඇත.

පසුගිය වසරේ නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී වෙනුවෙන් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමේ අවසාන දිනය ඊයේ 12 වන අතර එය පස්වරු දෙකෙන් අවසන් වී ඇත.

මෙතෙක් ලැබී ඇති සුදුසුකම් සඳහා වන ඉල්ලීම් විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුව විසින් සලකා බලනු ලැබ ඇත.

ඒ අනුව Jio Platforms Ltd. in Gujrat, India, Fortune International Investment Holding Ltd., c/o Capital Alliance Ltd. and Pettigo Comercio International LDA., c/o NDB Investment Bank Ltd. යන සමාගමනින් යෝජනා ඉදිරිපත් වී ඇත .

2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රජය සතු ව්‍යවසාය බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව මෙම ඉල්ලීම් ඇඟයීමට ලක් කරනු ඇත.

ඉන්දියාවේ අංක එකේ ව්‍යාපාරිකයා වන මුකේෂ් අම්බානිගේ ජියෝ සමාගම ශ්‍රි ලංකා ටෙලිකොම් මිලදී ගැනීම සදහා ලන්සු ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයින් ලෙස ක්‍රියා කරනු ලබයි.

මීට අමතරව දිවයින පුරා ඇති සියළුම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන වල සියළුම සේවකයින් සේවා සැපයීම් වලින් අද දින ප.ව 1.00 සිට ඉවත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති විරෝධතාවක නිරතවන අතර, ”එකා පිට එකා මැරුණත් විකුණන්න දෙන්නේ නැහැ” – ශ්‍රී ලංකා ටෙලිකොම් වාත්තීය සමිති එකමුතුව කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...