2019සිට 2022 දක්වා කර්මාන්ත ලක්ෂ 02කට අධිකව වැසී ගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): 2019සිට 2022 දක්වා කාලය තුළ ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ, පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් දක්වා පහළ වැටී තිබූ බව එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන බවයි.

මින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් (204100) ස්ථිර ලෙසද කර්මාන්තශාලා 59100ක් තාවකාලික ලෙසද වසා දමා ඇති බව ඔහු පවසයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසූවේ, මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර 254700ක් ක්ෂුද්‍ර කාණ්ඩයට අයත් ඒවා වන අතර, මීට අමතරව කුඩා කර්මාන්ත 7300ක්ද මධ්‍යම කර්මාන්ත 1100ක්ද , වැසී ගොස් ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...