ඉන්දියාවේ දිගම මුහුදු පාලම Atal Setu විවෘත වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව රටේ යටිතල පහසුකම් පුළුල් කරමින් කිලෝමීටර් 21.8 ක දිගකින් යුතු Mumbai සිට Navi Mumbai දක්වා මිනිත්තු 20කින් යාහැකි දිගම මුහුදු පාලම විවෘත කර ඇති බව වාර්තා වේ,

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මුම්බායි හි Sewri සහ රයිගාඩ් දිස්ත්‍රික්කයේ Nhava Sheva අතර මෙම Mumbai Trans වරාය විවෘත කළ බව සඳහන් වේ.

මෙම trans harbour සම්බන්ධකය, Atal Setu ලෙසද හඳුන්වනු ලබයි. එය ඉන්දියාවේ දිගම මුහුදු පාලම වන අතර, එම ස්ථාන දෙක අතර ගමන සඳහා ගතවන කාලය විනාඩි 20 ක් වන බව වාර්තා වේ,එම ගමන සඳහා වර්තමානයේ ගතවන කාලය පැය එක හමාරක් පමණ වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ , ඉන්දියානු රුපියල් කෝටි 17,840 ක වියදමින් ඉදිකරන ලද Mumbai Trans Harbour Linkහි මංතීරු හයක් ඇති අතර පාලමේ කිලෝමීටර 16.5 ක් මුහුදට ඉහළින් පිහිටා ඇති බවයි.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...