ශනිල් ප්‍රනාන්දු ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති ධූරයට!

Date:

කොළඹLNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ධුරයට තුන්වන වරටත් ශනිල් ප්‍රනාන්දු මහතා පසුගියදා තේරී පත්විය. එහි ලේකම් ධූරයට හේමකුමාර ගුණසේකර මහතා ද තුන්වන වරටත් නැවත තේරී පත් වී ඇත.

පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා ශාඛාවේ 57 වාර්ෂික මහ සභාවේ දී තේරී පත් වූ නව නිලධාරි මණ්ඩලයේ උපසභාපතිවරු වශයෙන් කපිතාන් නලින් ප්‍රනාන්දු,ජොනී ප්‍රනාන්දු හා එස්.ජයවර්ධන මහත්මිය ද උපලේකම් වශයෙන් බුද්ධප්‍රිය රාමනායක මහතා ද භාණ්ඩාගාරික ලෙස බී.ඒ.එච්.එස්.ප්‍රීනා මහතාද නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස මනීෂා රාජපක්ෂ මහත්මිය ද ඇතුළු විසි හතර දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් ද උපකමිටු (18) දහ අටක නියෝජිතයන් ද පත් වූ බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න මහතා පවසයි.

වසර හැත්තෑවක් (70) පැරණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ රටවල් එකසිය හැත්තෑවක (170) සමාගම් ලක්ෂ හාරසිය පනහක් සාමාජිකත්වය දරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...