*
Wednesday, April 30, 2025
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

ජනවාරි 13 වොෂින්ටන් DC LNW:  🎀අගමැතිකම හා එජාප මුල් පුටුව වෙන්දේසියේ…?

🎀නරියා වලිගය වනයි…පක්ෂ රැසක් දෙදරයි.. ??

🎀ඩාවෝස් හරහා උගන්ඩාව වන්දනා කිරීම….??

🎀රනිල් ගේ දැලි පිහියෙන් කිරිකන යෝජනා…??

🎀”උන් යාළුවො විතරක් නෙවෙයි නෑයොත් වෙනව මල්ලී”….??

🎀කුඩුයි ජාවාරම්කරුවනුයි ගෝල්fපේස් ගෙන ඒම…??

🎀කාබනික පාදෙනියලාගේ ලෙඩ්ඩු මරාගෙන කන තියරිය…??

🎀දර්ශන සිරිසේන ලාගේ  GMOA ට ප්‍රසංශා…??  

🎀ඈන් කුමරිය ගෙනා ලියුම හා බෝගොල්ලාගම…??

             රනිල් අනාගෙන ඉවරය. එයා ඡන්ද වලට එන්නේ නැත යයි  පිරිසක් චූන් විය. ජනපතිවරණය දුබලයින්ගේ  ගේමක් බවට පත්කර දුබලයින් අතරින් ප්‍රබලයාට රට බාරදීම  ඇතැම් විදෙස් බලවේග වලද ආසාව විය.

      එහෙත් කපටි නරියා සිංහයාට අදිමින් කඩු ලෙළවමින් පසුගිය දා එජාප කළමනාකරණ කමිටුවේදී “ගනු කඩුව එනු සටනට” යයි චන්ඩියාට   ඇන්දේය.

    “ජනපතිවරණෙ සැප්තැම්බර්. මහඡන්දෙ 2025 ජනවාරිවල හා පළාත් සභා මාර්තු වලයි” ඔහු කී දේ රටපුරා වෛරල් විය.

       එහෙත් පළාත් සභා හා පළාත් පාළන වලට කල නස්පැත්තියම ජනපතිවරණයට ද කල හැකි නම් සමහරු එක පයින් කැමතිය.

      “ජනපතිවරණ නෑ” යයි කළෙකට පෙර කපටි නරියාගේ පාර්ශවයෙන් ද මෑතක දී රාජපක්ෂ ගැති මහා ආචාරියෙකු හරහා එළියට ආවේ ද එවැනිම හඬකි.

     එහෙත් සැප්තැම්බර් ජල්ලියට රනිල් නිර්පාක්ෂික පොදු අපේක්ෂක ලෙස  සංධානයකින් එන්නට සූදානම්ය. රනිල් උතුරේ සංචාරය කිරීමේ අරමුණ සංවර්දනය වුව ද ඊට යටින් දේශපාලන ගැට ද තිබුණු බව බොහෝ අය කීවේ එහෙයිනි.

          උතුරේ සිට පැමිණි ජනපති සදුදා කැබිනට්ටුවට දැලි පිහියෙන් කිරිකන යෝජනා දැම්මේය. වෛද්‍යවරුන්ට DAT දීමනාව රු 35,000 කින් ද සරසවි ඇදුරන්ට 25% ක දීමනා ලබාදී අයවැයෙන් දුන් රු 10,000 න් බාගයක් ජනවාරි සිට ලබාදීම ඒවාය. මිනිස්සු අත්පොඩි ගහවි යයි සිතුව ද එය ඔළුව උඩ පත්තු කළේ සෞඛ්‍ය වෘත්තීය සමිති ය.

       “අපිටත් දීපල්ලා” යි කී ඔවුහු “කාබනික පාදෙනිය” සිහි ගන්වමින් අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගත්තේ වර්ජන තර්ජණ සමගිනි.අතීතයට සාපේක්ෂව දර්ශන සිරිසේන ලාගේ GMOA සමාජ ප්‍රසංශාව ලක්වේ.

      ලංකාවේ සෞඛ්‍ය ගිණි ගන්නා විට GMOA ප්‍රධානී වෛද්‍ය දර්ශන සිරිසේන හිටියේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වලය. ඒ තම දියණියගේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට ගොස්ය. වොෂින්ටන් DC හි ජනපතිට සමීප මාධ්‍යකරුවෙකු හරහා DAT වැඩි කිරීම ගැන ජනපතිට ස්තුති කිරීමට ඔහු ක්‍රියා කළේය. එහෙත් වර්ජකයන් ජනපතිට ඇමති රමේශ්ට  මෙන්ම GMOA ට ද  බැට දුන්නේය.

      LA සිට GMOA විධායක කමිටුව සමඟ කතාකල වෛද්‍ය දර්ශන GMOA ස්ථාවරය තීන්දු කොට එය එළි දැක්වීම වෛද්‍ය හරිත අලුත්ගේ ට බාර කළේය.

    “වෛද්‍යවරුන්ට මේ දීමනාව ලක්ෂ 03 ක් විය යුතුයි. ලැබුණෙ සොච්චමයි. සෙසු අය රු 20,000 ක වැඩි පඩි ඉල්ලුවා. ඉන් බාගයක් ලැබුණා. වෛද්‍යවරුන්ට සුවිශේෂ මේ දීමනාව ඔවුනුත් ඉල්ලීම පුදුමයි” වෛද්‍ය අලුත්ගේ කීය.

     “මේක වෛද්‍යවරුන්ට සුවිශේෂ දීමනාවක් නෙවෙයි. 2015 දී ඔවුන්ට දෙනකොට අපටත් රු3000 ක් දුන්නා” රවි කුමුදේශ ඇතුළු පිරිස කීවෝය. ප්‍රශ්නය එතනය. ලෙඩ්ඩු අනාථය.

         ආණ්ඩු පක්ෂ රැස්වීමේදී රනිල් නත්තල් පප්පා විය.

    “හැම ප්‍රාලේ කොට්ටාශයකටම ලක්ෂ 120 ක් දෙනවා. ලෝක හා ආසියානු බැංකු උදව් කරනවා. ගමට ගිහින් වැඩ කරන්න. ඡන්දෙත් එනවනේ” ජනපති කීවේය.

     “යුක්තිය නියමයි.රු 1000 හේ අයිස් පැකට් එක 10,000 ටත් දැන් නෑලු. අල්ලන කුඩු ප්‍රසිද්ධියේ ගිණි තියන්න” මහින්දානන්ද කීය.

      “නඩු භාණ්ඩ වලට එහෙම කරන්න බෑ” ඇමති ටිරාන් කීය.

        “ගෝල්පේස් ගෙනැත් කුඩුයි කුඩු මුදලාලිලයි රටට පෙන්නන්න” මහින්දානන්ද යළි කීවේය.

      “ආපෝ….ගෝල්පේස් එකට කට්ටියකට එන්න දීල වෙච්ච වැඩේ මතක නේ” කපටි නරියා කිවේ කොක්හඬ මැදය.

     2024 දී පාර්ලිමේන්තුව රැස්වූදා බොහෝ දේ සිදුවන බවට ආරංචි පළවිය.සජබ සමහරු එදා කළුපාට ඇඳ තිබිණ. චමින්ද විජේසිරි ඉල්ලා අස්විය. සියලු පුවත් එසැනින් ජනපකිට වාර්තා කළේ  මහාචාර්ය ආශු මාරසිංහ ය.

      චමින්ද ගේ වැඩේ සිදුවූයේ කපටි නරියා වලිගය සෙලවීමෙන් බවට හා හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට බව ද මතවාද පැතිරීණ.

   “චමින්ද අස්වුණේ මුදල් ගනුදෙනුවකට. එයා වෙනුවට එන කෙනා ජලනිගෙ නෑයෙක්” මහින්දානන්ද ඇදලා ඇරියේය. නයන වාසලතිලක ජලනිගේ මෙන්ම රාජපක්ෂලාගේ ද නෑයෙකු බව කියවුණේ “උන් යාළුවො විතරක් නෙවෙයි නෑයොත් වෙනවා මල්ලී” යන රන්ජන්ගෙ මතයට නව අර්ථ කථන ලැබීම තුළය.

    විපක්ෂයේ ප්‍රබල පක්ෂ රැසක නායකයන් ඇතුළු 27 ක් කොළඔ සුපිරි මහල් සංකීර්ණයක දී පසුගිය දා කපටි නරියා ගේ වලිගය අත ගෑවේ නිකමට නොවේය. ප්‍රධාන විපක්ෂ කණ්ඩායමට එජාප නායකත්වය හා අගමැතිකම දී ඔවුන් ද තම සංධානයට එකතු කරගැනීමට පසුබිම සකසමින් තිබෙන බව ද ආරංචිය.. එම අදහස එම පක්ෂයේ ප්‍රබලයා ගේ ප්‍රහාරයට නතු වුවද එම පක්ෂයේ බහුතරය එවැනි ගනු දෙනුවකට එක පයින් බව ද ආරංචිය. එසේ නොවුණහොත් 20 කට අධික පිරිසක් පක්ෂය අතැර යාමේ සූදානමක් පවතින බව ද කියවේ.

     තවද සමන් ඒකනායක වෙනුවට ගාමිණී සෙනරත් පත්කොට දැවැන්ත ඡන්ද මෙහෙයුමක් දියත් කිරීමේ සූදානමක් ගැන ද ආරංචි වෛරල්වී තිබේ.

      රනිල්ගේ නව සංධානයේ නම හා ලකුණ ගැන ක්‍රියා කිරීමට රවි හා හරීන් පත් කෙරිණ. රනිල් බේරුවල ගියේ මැණික් පුදර්ශනයකට ය. එහි සිටි රාජිත සමඟ ද ඔහු කුටුකුටු ගෑවේය.

     “වජිර එක්ක කතා කරකර ඉන්නකෝ” යයි කී රනිල් රාජිත ඔහුට බාර දුන්නේය.

    “මැණික් බලන්න ජවිපෙ අනුරත් ආවා….ගියා. ජේ ආර් ට දුන්නොත් ගන්න බෑ කියල කිව්ව නේ. රනිල් එයාගෙ බෑනා නේද” ඇමති චාමර කීවේ කොක්හඬ මැදය.

     “මම ඊලග වසර 05 ට ප්ලෑන්  හදල තියෙන්නේ”  රනිල් කීවේ නිකම් නොවේය.

      රතු මුහුදේ යන නැව් වලට පාට් දාන යේමන හූති කැරලිකරුවන් මර්දනයට ද රනිල් කතා කළේය. ප්‍රධාන නැව් මාර්ගය කැරළිකරුවන් නිසා වෙනස් වුණොත් එය රටේ ආර්ථිකයට හානියක්වීම ඊට හේතුව බව කියති.

      බ්‍රිතාන්‍ය ඈන් කුමරිය ලංකාවට ගියේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් බෝගොල්ලාගම ගේ සම්බන්ධීකරණයෙනි. ඇය තම ගමන් මළු ඔසවාගෙන යානයෙන් බැසීම ලංකාවේ දේශපාලලාට ආදර්ශයක් බව සමාජ මාධ්‍ය වල පළවිය.

       ජනපති මන්දිරයේදී තිබූ හෝජනයේදී විශේෂ ලිපියක් ඇය ජනපති අතට පත් කලාය. චාල්ස් රජු ගේ පණිවිඩයක් එහි තිබිණ. රජු එවැනි ලිපි ලියනුයේ සුවිශේෂම අයට පමණක් බව ද එහිදී කියවින. හිටපු ජනපතිනි චන්ද්‍රිකා ද ඊට එක් වුවාය.

     කපටි නරියා ස්විස් ගොස් ඩාවෝස් ආර්ථික සමුළුව වැදගෙන එන ගමනේ උගන්ඩාවේ නොබැදි සමුළුව ද වන්දනා කොට 24 දා යළි පැමිණීමට නියමිතය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan