නෙත්මි පරාජයට පත් වෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 13 කොළඹ (LNW):ක්‍රොඑෂියාවේ පැවත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ, ජගත් ශ්‍රේණිගතකිරීමේ මල්ලව පොර තරගාවලියේ කිලෝ ග්‍රෑම් 53 බර පංතියෙන් තරග වැදුණු නෙත්මි අහිංසා චීනයේ මින් ෂෑන්ග් ඉදිරියේ 10 – 00 ක් ලෙස පරාජය ලැබුවාය.

ඇයගේ තරගයේදී නෙත්මි සාමාන්‍යයෙන් නො’උස් ක්‍රීඩිකාවක් වීම නිසා ඉහළ ශක්තියක් සහිතව සිටිය යුතු බව මෙම තරගයේදී දකින්නට ලැබුණු දෙයකි.එම තරගයේ කොටසක් මෙම සටහන සමඟ ද නැරඹිය හැකි අතර එහිදී නෙත්මිට,ප්‍රතිවාදි ක්‍රීඩිකාවගේ උස් බව නිසා ඇයට,නෙත්මිව ග්‍රහණය කර ගැනීමට ඇති පහසුව නොසළකා,එය දරගෙන ඇයගේ සිරුර තුළට පිවිසීමට හැකි කාය ශක්තියක්,නෙත්මිට තිබුණේ නම් වැදගත් වන්නට තිබුණ බව පැහැදිළි කර ගත හැකිය.

ඒ නිසා වේගවත් බව සම බර වැනි ප්‍රතිවාදිනිය සමඟ යම් මට්ටමකින් සමාන බවක් පෙන්වන තත්ත්වයෙන් බැහැරව,අසමානත්වය වර්ධනය කර ගැනිීමට අවශ්‍යය නෙත්මිගේ ශක්ති වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන්නේනම් වැදගත් වනු ඇත.එයට විශේෂ පෝෂණ කමවේද අනුගමනය කිරීමට සිඳු විය හැකිය.

එහෙත් මෙහිදී වැදගත්ම දේ නෙත්මි අහිංසා ලෝකයේ ඉහළම මල්ලව පොර ක්‍රීඩිකාවන් සමඟ සිය බර පංතියේ තරග වැදීමට හැම අතින්ම සුදුසු බව සිය තරග රටාව තුළදී ද පරාජය වුව ද ඔප්පු කර පෙන්වීමය.ජාත්‍යන්තර ක්‍රිඩිකාවක් යනු මේ වන විට හුදෙකලා චරිතයක් නොවන අතර නෙත්මි සටන් වඳින්නේ ඒ මිනිස් සිරුරේ හැඩයට සාපේක්ෂව සිතේ සහ කයේ ශක්තිය උපරිමයට වර්ධනය කර ගන්නට පහසුකම් ඇතුව බව ද අපි තේරුම් ගත යුතු වන්නෙමු.ඉන් ඇබටක වෙනස්කමකට වුව ද,ජාත්‍යන්තරයට සාපේක්ෂව සිතන කළ ඒ ඇබට ජයග්‍රහණ අතර පරතරය සකස් කරන්නේ අහස පොළව තරමින් විය හැකිය.

එහෙත් ඒ බාධක සහ පරතරය මැඩ,සමීප සහ සමාන කර ලෝකය සහ රට අතර පරතරය පියවා ගැනීමට හැකිනම් දේශීය දක්ෂයන් බොහෝ දෙනෙකුට ලෝකය ජය ගැනීම එතරම් අසීරු නොවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (12) දවසේ තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 12) දිනයේදී බස්නාහිර සහ...

රටේ පොඩි දැරියන් සිහින දකින්නේ කවදාහරි ලක්මාලි හේමචන්ද්‍ර වගේ වෙන්නයි – අගමැති හරිනි

පාර්ලිමේන්තුව නරඹන මෙරට කුඩා දැරියන් සිටින දකිමින් සිටින්නේ ලක්මාලි...

වී වගාවේ පිරිවැය අදටත් වැඩියි. ඉහළ අස්වැන්නක් සඳහා නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන්...

කප්පම් නඩුව : ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු...