රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ (LNW):
අදට (14) යෙදී තිබෙන තෛපොංගල් උත්සවය සමරන ලොව පුරා හින්දු බැතිමතුන් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්, පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
ජනාධිපතිවරයා නිකුත් කළ තෛපොංගල් දින පණිවුඩය,