ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 ලබාදෙන්න – ජෝෂප් ස්ටාලින්

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ (LNW):

අද (14) දින හැටන් නගරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසූවේ, ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා කමිටු පත්කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජොශප් ස්ටාලින් මහතා,

“රාජ්‍ය, පෞද්ගලික අංශ ඇතුළු සියළු දෙනා ජනවාරි මස සිට වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වුණා.. ආණ්ඩුව ඇයවැයෙන් වැටුප් කිරීමක් සිදු කරනවා කියනවා. ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 අපි බලාපොරොත්තු වෙනවා.. ගුරු – විදුහල්පතිවරුන් වැටුප් සම්බන්ධයෙන් විශාල අරගලයක් අපි සිදු කලා.. එම අරගලය නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ සුබෝදනී මහත්මිය ප්‍රමුඛ කමිටුවක් පත් කළා.. වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ලබාදුන්න යෝජනාවෙන් 1/3 වැටුප් වැඩිවීමක් තමයි ලැබුණේ.. එකෙන් වැඩි නොවු ඉතිරි 2/3 වැටුප් වැඩි වීම ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට 2024 වසරේදි අපි විශාල අරගලයක් සිදු කළා.. වත්මන් රජයේ ඇමතිවරයෙක් කියනවා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන්න ඕනි කියලා.. කමිටු පත් කරන්න අවශ්‍ය නෑ.. කමිටු හදලා යෝජනාවක් ඉදිරිපත් කරලා 1/3 වැටුප් වැඩිවිමක් ලබා දීලා තියෙන්නේ.. ඉතිරි 2/3 විතරයි ලබාදෙන්න තියෙන්නේ, රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 20000 කින් වැඩි කරන ලෙස සිදු කල උද්ඝෝෂණවලට වත්මන් රජයේ මැති අමතිවරුන් හිටියා. දැන් ඒ පිලිබඳව අවධානය යොමු කරන්න.” ලෙස කියා සිටියේය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...