රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ (LNW):
වව්නියාව බන්ධනගාරය තුළට විසිකර තිබූ පාර්සලයක්, රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන, වව්නියාව බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙන අතර, එම පාර්සලය තුළ තිබී දුරකථන 03ක් , දුම්කොළ 17 ක්, දුරකථන බැටරි 01 ක් හමුවූ බව එම නිලධාරීන් සඳහන් කළේය.
මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්රමික බලකාය වෙත භාර දීමට කටයුතු කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.