සැන්ටා ඇනා සුළං හේතුවෙන් කැලිෆෝනියා හි රතු කොඩි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැලිෆෝනියා ව ඉතිහාසයේ විශාලතම ලැවුගිනි සමඟ සටන් කරමිනන් සිටින විට ලොස් ඇන්ජලිස් හරහා හමා ගිය කුප්‍රකට වියළි සැන්ටා ඇනා සුළං හේතුවෙන් එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය (NWS) කැලිෆෝනියාව පුරා රතු කොඩි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම තත්වය යටතේ, ලැවුගිනි අධික වේගයකින් වර්ධනය වනු ඇති අතර ගස් කඩා වැටීම සහ විදුලිය ඇනහිටීම් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතියි.

මෙම සුළං 110km/h (70mph) දක්වා වූ තද සුළං ඇතිවනු ඇති බව විශ්වාස කරන අතර මේ හේතුවෙන් Palisades, Eaton සහ Hurst යන ලැවුගිනි අධික සුළං හේතුවෙන් ලැවුගිනි තත්වය පුපුරන සුළු ගිනි වර්ධනයක් සහිතව පාලනයකින් තොරව ව්‍යාප්ත වන බව වාර්තා වන අතර මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනෙකු මරණයට පත්ව ඇති අතර පවතින හදිසි තත්වය අඛණ්ඩවම ඉදිරියට ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...