ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් නොවුනේ නම් පැහැදිලිවම ඔහුට දඬුවම් කළ හැකි බව ජැක් ස්මිත් සිය වාර්තාවෙන් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ෆෙඩරල් අපරාධ නඩු දෙකක් මෙහෙයවූ විශේෂ නීතීඥ ජැක් ස්මිත් පසුගිය ඉරිදා (12) අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ අධිකරණ දෙපාර්තමේන්තුවට නිකුත් කරන ලද වර්තාවක සඳහන් වුයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට් අපත් නොවුයේ නම් පැහැදිලිවම වරදකරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබු බවයි.

ජැක් ස්මිත්ගේ ඉල්ලා අස්වීම ට්‍රම්ප්ගේ රහසිගත ලේඛන නඩුවේ සොයාගැනීම් සම්බන්ධයෙන් ඔහුගේ වාර්තාව නිකුත් කිරීම පිළිබඳ ආරවුලක් හේතුවෙන් සිදුව ඇති අතර ට්‍රම්ප්ට එරෙහිව අධිකරණ දෙපාර්තමේන්තු නඩු දෙකක් අධීක්‍ෂණය කිරීම සඳහා ස්මිත් මහතා 2022 දී විශේෂ උපදේශකයෙකු ලෙස පත් කර තිබිණි.

ඒ අනුව, ඔහු නිකුත් කරන ලද වාර්තාවට අනුව 2020 ප්‍රතිඵලය ආපසු හැරවීමට නිලධාරීන්ට බලපෑම් කිරීම, මැතිවරණ වංචා පිළිබඳව දැනුවත්ව බොරු පතුරුවා හැරීම සහ 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල්හි කැරැල්ල ගසාකෑමට උත්සාහ කිරීම, රාජ්‍ය රහස් ලේඛණ රහසිගතව සඟවා තබා ගැනීම, හශ් මුදල් වංචාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල විය.

කෙසේ නමුත්, අවසානයේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලයේ සිටින ජනාධිපතිවරයෙකුට නඩු පැවරීම තහනම් කිරීම ට්‍රම්ප් චෝදනාවන්ගෙන් නිදහස් වීමට හේතු වී ඇති බවයි ස්මිත් වැඩිදුරටත් සිය වාර්තාවෙන් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...