රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට යෝජනාවක් ජවිපෙ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්ව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පෙරේදා (12) සවස ජවිපෙ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් පැවැත්වී ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්වයන් හමුවේ ආණ්ඩුවේ පාක්ෂිකයින්ම යම් කළකිරීමකින් පසුවන බැවින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට ටිල්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු ආගමනය හේතුවනු ඇති බවට එහිදී යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පැවසේ.

එසේම ආණ්ඩු පක්ෂයේ පිරිස් අතර මෙන්ම සමස්තයක් වශයෙන් රට තුළ ද විනය පිරිහීමක් දක්නට ලැබෙන නිසාත් ජාතික ජන බලවේගය බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්ක කරා යාමට නම් රට තුළ ඉතා ඉහළ විනයක් පිහිටුවිය යුතු නිසාත් දශක තුනක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඉතාම විනයගරුක පක්ෂයක් වශයෙන් පවත්වාගෙන ගොස් අත්දැකීම් ඇති ටිල්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුව තුළට පැමිණීම ආණ්ඩුවට දැවැන්ත ශක්තියක් වනු ඇති බවත් එහිදී ඇතැම් සභිකයන් පෙන්වාදී ඇති බවත් සඳහන්.

ජවිපෙට පළමු පාර්ලිමේන්තු ආසනය හිමිවූ 1994 සිටම ජවිපෙ ප්‍රධාන ලේකම්වරුන් පාර්ලිමේන්තු තනතුරු නොදැරීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන පැමිණියත් මේ වනවිට ජවිපෙ රාජ්‍ය බලය ලබාගෙන ඇති බැවින් තවදුරටත් පක්ෂ ප්‍රධාන ලේකම්වරයා රාජ්‍ය යාන්ත්‍රණයට පිටතින් සිටීම තේරුමක් නොමැති බවට තර්කයක් ද එහිදී ඉදිරිපත්ව ඇතැයි ආරංචිමාර්ග පවසන අතර කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ යම් බෙදීමක් පවතින බවත් වාර්තා විය.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අප්‍රේල් මාසයෙන් පසු අනිවාර්යෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට යෝජනාවක් විපක්ෂයේ පක්ෂ කිහිපයකින්ම ඉදිරිපත්ව ඇති බව ද අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම පක්ෂවලට සම්බන්ධ කිහිපදෙනෙකුම අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පිළිබඳ විමසා ඇතත් ඒ මහතා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...