පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW:

ශ්‍රී ලංකා කාන්තා ජාතික විස්සයි විස්ස ලීග් තරගාවලියේ දී ජයග්‍රහණයට වඩා අනාගතයට බර තැබෙන ක්‍රීඩා විලාශයක් පෙන්වන යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් සැඳුම්ලත් රෙඩ් කණ්ඩායම ග්‍රේ කණ්ඩායමට එරෙහිව පළමු මුණ ගැසීමේදී ලබා ගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගන්නට සමත් වූයේ නැත.එහෙත් පළමුව පන්දුවට පහර දුන් ග්‍රේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 112 සිමාවේ රඳවන්නට රතු ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එම කණ්ඩායමට නායකත්වය දෙන චමෝදි ප්‍රබෝධා මෙම තරගයේදී ද සිය පන්දුවෙන් ඉහළ දස්කම් දක්වමින් සිය පන්දු වාර 4 නිමා කරේ ලකුණු 14 ට එක් කඩුල්ලක් හිමි කර ගනිමින්ය.පෝල් ඇඩම්ස්යානු ස්වරූපයේ පන්දු යවන්නී ශෂිනි ගිම්හානි ලකුණු 18 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.ලිමී තිලකරත්න කඩුුලු 2 ක් දවා ගන්නට දුන්නේ ලකුණු 19 ක් පමණය.


අළු කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු ලකුණු 33 ක් රැස් කළ අතර ඉමේෂා දුලානිගේ දායකත්වය ලකුණු 29 ක් විය.කවීශා දිල්හාරි කවිශා දිල්හාරි යළිත් අසාර්ථක වෙමින් ලකුණු 3 ට දැවී ගිය අතර තරගාවලිය පුරාම ලකුණු අතර සිටින හංසිමා කරුණාරත්න ලකුණු 24 න් දායක විය.


පිළිතුරු ඉණිම ඇරඹූ රෙඩ් කණ්ඩායමේ සංජනා කාවින්දි (35) සහ උමයංගනා පීරිස්(12) පළමු කඩුල්ලට ලකුණු 46 ක සබඳතාවයක් පවත්වමින් හොඳ ආරම්භයක් ලබා ගත්ත ද,එය ඉදිරියට කළමණාකරනය කරමින් රැඟෙන යාමට අපොහොසත් වූ යොවුන් ක්‍රීඩිකාවන් පන්දු ඕවර් 20 ට ම රැස් කලේ කඩුලු 7 ක් දැවී ලකුණු 97 ක් පමණි.ජාතික කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නී මල්කි මදාර ලකුණු 19 ට කඩුලු 3 ක් දවා ගත් අතර කවීශා දිල්හාරි පිති ගොළු කරන පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 14 ට සිය පන්දු වාර 4 නිමා කළේ එක් කඩුල්ලක් ද දවා ගනිමින් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...