සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන උද්ගෝෂණ වලට සහය දැක්වීමත් ඉරානය වෙත මිලිටරි ආක්‍රමණයක් දියත් කරන බවට නිවේදනය කිරීමත් සමඟ මේවන විට එක්සත් ජනපදයේ සහ ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සෘජු සම්බන්ධතා බිඳ වැටි ඇති බව වාර්තා වේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සහ එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර සන්නිවේදනය මේ වන විට සම්පුර්ණයෙන්ම නැතිවී ඇති අතර එක්සත් ජනපද තර්ජන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අඩපණ කරන බව ඉරානය පවසයි.
ඒ අනුව, දශක ගණනාවක් පුරා පැවති න්‍යෂ්ටික ආරවුලට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීම සඳහා නිලධාරීන් දෙදෙනා අතර ඇති විය හැකි ඕනෑම රැස්වීමක් මේවන විට අවලංගු කර ඇත.

