ස්වාමි විවේකානන්දතුමාගේ 159 වන ජන්ම දිනය ශ්‍රී ලංකාවේදී සැමරේ

Date:

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් 2022 ජනවාරි 12 වන දින ස්වාමි විවේකානන්දතුමාගේ 159 වන ජන්ම දිනය සැමරීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණ. මෙහිදී වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් ‍කේ. ජේකබ් මහතා, කොළඹ, රාමක්‍රිෂ්ණ මිෂන් හි ප්‍රධාන පූජක ස්වාමි අක්ෂරාත්මානන්ද සහ මහ කොමසාරිස් කාර්යාලයේ වෙනත් නිලධාරිහු ස්වාමි විවේකානන්දතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ. මේ නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහනක් රාමක්‍රිෂ්ණ මිෂන් හිදි පැවති අතර ඒ සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල‍යේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය රේවන්ත් වික්‍රම් සිං මහතා සහභාගී විය. ස්වාමි විවේකානන්දතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විශේෂ සිනමා සහ වාර්තාමය චිත්‍රපට දැක්මක් අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබිණ.

2.       ස්වාමිතුමා විශේෂයෙන්ම තරුණ  ප්‍රජාව ඇතුළු සමස්ත ජනතාව ජාතිය ගොඩනැගීමෙහි ලා දායකත්වය දැක්වීම වෙනුවෙන් දිරිමත් කළ අතර එබැවින් එතුමාගේ ජන්ම දිනය ඉන්දියාවේ “ජාතික තරුණ දිනය” ලෙස ද සැමරේ. මෙම දිනය සැමරීම සඳහා ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය 25 වන ජාතික තරුණ උලෙළ 2022 ජනවාරි 12-13 යන දෙදින අතථ්‍ය ආකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. මෙය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් සමාරම්භ කරන ලදී.

3.        බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් විශාල ආභාසයක් ලැබූ ස්වාමි විවේකානන්දතුමා සන්‍යාසි ජීවිතයකට ඇතුළත් වීමෙන් පසු සුළු කලකින්ම සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පිටදුන් බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කළේය. ස්වාමි විවේකානන්දතුමා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමඟ 1893 වසරේදී චිකාගෝ නුවර පැවති ලෝක ආගමික පාර්ලිමේන්තුවට සහභාගී වූ අතර එම දෙපළ ‍විසින් එහිදී ඓතිහාසික දේශනාවන් සිදු කරන ලදී.

4.        ස්වාමි විවේකානන්දතුමාගේ සිත තුළ ශ්‍රී ලංකාවට හිමි වූයේ විශේෂ ස්ථානයකි. 1897 වසරේ ජනවාරි මාසයේදී ස්වාමි විවේකානන්දතුමා ශ්‍රී ලංකාවට පැමිණි අතර එතුමා දිවයිනේ ගත කළ දින 11 තුළ කොළඹ, මහනුවර, මාතලේ, දඹුල්ල, අනුරාධපුර, වවුනියාව, චාවකච්චේරි සහ යාපනය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ආධ්‍යාත්මික දේශනයන් පැවත්වීය. ස්වාමි විවේකානන්දතුමාගේ ශ්‍රී ලංකා සංචාරයේ 125 වන සංවත්සරය සමරමින් මෙම වසරේදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය රාමක්‍රිෂ්ණ මිෂන් සහ වෙනත් ආධ්‍යාත්මික සංවිධාන සහ නායකයන් හා එක්ව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

***

කොළඹ

2022 ජනවාරි 12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...